Gossip News

කේතුමති රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා

පානදුර, කේතුමතී කාන්තා රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුඵ රෝහල් කාර්යමණ්ඩලයේ 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

කොවිඩ්-19 වැළඳී සිටි කාන්තාවන් පසුගිය දිනවල ප්‍රතිකාර ගත් බවට තහවුරුවීමෙන් පසු කරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණ අනුව ඊයේ (6) මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත.

ඔවුන්ගේ ආශ්‍රිතයින් සහ සෙසු රෝහල් කාර්යමණ්ඩලය එම රෝහලේදී ම අද (07) පී.සී.ආර්. පරික්‍ෂණ සඳහා භාජනය කර ඇත.

කොරෝනා ආසාදිත එම වෛද්‍යවරයා ඇතුඵ කාර්ය මණ්ඩලය ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකර ඇති අතර ආසාදිතයන් වාර්තාවීමත් සමග කේතුමතී රෝහලේ අංශ කිහිපයක් තාවකාලිකව වසා දමා විෂබීජහරණය කිරීමෙන් පසු නැවත විවෘත කළ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!