Gossip

“කරපු හැම හොඳක්ම මිනිස්සු අමතක කළා. මට දරුවෝ නැතිවුණා.. අගමැතිතුමාට කිව්වා මගේ ඇමතිකමත් ගන්න කියලා” – Exclusive

පාලිත තේවරප්පෙරුම කියන්නේ පුවත් මවන චරිතයක්.
අවස්ථා කිහිපයකදිම එතුමා සමහර සිදුවීම් හරහා රටේ ලොකු කතාබහක් ඇතිකළා.
ඊයේ තෙවරප්පෙරුම ඇමතිතුමා මතුගම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වුණා.
එකපාරම ඒ වගේ තීරණයක් ගත්තේ ඇයි කියලා දැනගන්න වෙබ් ගොසිප් අපි පාලිත තෙවරප්පෙරුම ඇමතිතුමාට කතා කළා.

මම කළින් මතුගම සංවිධායක විදිහටයි හිටියේ. ඒත් හේතුවක් නැතිවම එක පාර මාව බුලත්සිංහල සංවිධායකවරයා විදිහට පත් කළා.
එදා ඉදලා මම ඒ ආසනේ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා.
සියලු කටයුතු කළා. නොකරපු දෙයක් නෑ.. ගෙවල් හැදුවා.. මිනිස්සුන්ට උදව් කළා..
බුලත්සිංහල නිසා මගේ දරුවෝ නැතිවුණා.
මේ පාර ගංවතුර වෙලාවේ මිනී 17 ක් ගොඩගත්තා. මගේ අතින් උස්සගෙන ගියේ. කන්න බොන්න දුන්නා.
ළමයින්ට හැමදේම කළා. පොත් දුන්නා. නොදීපු තැනක් නැහැ.
ඒ ඔක්කොම කරලා මිනිස්සුන්ට ඒ කරපු හොඳ මෙදා පාර ඡන්දෙදි අමතක වුණා.
බුලත්සිංහලට අන්ත පරාජයක් අත්වුණා. ඒ කියන්නේ මම බුලත්සිංහලට ඕන නෑ කියන එකයි.
නායකයෙක් විදිහට මට සදාචාර අයිතියක් නෑ එහෙමවුණාම සංවිධායක විදිහට ඉන්න.
මම නායකතුමාට ලිව්වා මම සංවිධායක ධුරයෙන් අයින් වුණා වගේම ආසනයක් නැතිව මේ කටයුතු කරගෙන යන්න බැරිනම් මගේ ඇමතිකමත් ඔබතුමා බාරගන්න කියලා.
අඩුම තවම මට සංවිධායක පත්වීමේ ලිපිය ලැබිලත් නෑ. ඒක තාම සිරිකොතේ.
යුතුකමක් විදිහටයි මම හැමදේම කළේ.
ඡන්දේ දවසක මම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාන්න පොලිසියට ගියා.
පැමිණිල්ල ලියන්න පැය තුනක් ගත්තා.
පැය හයකට පස්සෙයි ඒ අයව අත්අඩංගුවට ගන්න පොලිසිය ගියේ.
අන්තිමට ඇවිත් ස්ථානාධිපති කිව්වේ ඒ අය ඉහළ කෙනෙකුට කතා කරනවා කියලා. ලැජ්ජයි මට..මේ හැමදේම එක්කයි මම තීරණය කළේ ඉල්ලා අස්වෙන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!