Gossip

ආපදාවේදී මිනිස්සුන්ට උදව් කරපු ඇමති තෙවරප්පෙරුම, ගස් කපා ෆේස්බුක් දමා වැඩ වරද්දාගනියි

පසුගිය ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් අසරණ වූ ජනතාවට සරණක් වෙන්න ගිය ඇමතිවරයෙක් විදියට පාලිත තෙවරප්පෙරුම ගැන නැවතත් කතාබහට ලක්ව තිබෙනවා.

ඒ, වසර 130 ක් පැරණි බවට ප්‍රකාශ වන ගසක් කැපීම සම්බන්ධයෙන් ප්‍රචාරණය වන ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යන්වල ප්‍රචාරය වීම හේතුවෙන්.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා තෙවරප්පෙරුම අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේ මෙම සියලු කරුණු ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ මෙම ගස අනිවාර්යයෙන් කපා ඉවත් කලයුතු ගසක් බවයි.

කළුතර බුලත්සිංහල ආසනයේ තිබ්බෝට්ටාව ග්‍රාමයේ ඇති කන්දක මෙම ගස පිහිටා ඇති අතර පවතින සුළන් තත්වයෙන් මෙම ගස සෙලවීම නිසා කන්ද ඉරිතලා තිබු බව අමාත්‍යවරයා පවසා තිබෙනවා. මේ හේතුව නිසා අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නත් කිසිවෙකුත් ක්‍රියාත්මක වී නොමැති බවයි වාර්තා වන්නේ. මේ තත්වය මත එම කන්ද පාමුල සිටින ජනතාවගේ ආරක්ෂාව මත තමා මැදිහත්වී මෙම ගස කැපූ බවත් එම ගස ඇල්බීසියා වර්ගයට අයත් ගසක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

නමුත් ගස් කැපීම නීතිවිරෝධී බවත් එමෙන්ම මෙම ගස් මෙලෙස කැපීම නිසා ගංවතුර වැනි ආපදා තත්වයන් ඉතාමත් පහසුවෙන් ඇතිවන බවත් බොහෝ දෙනෙකු මේ පිළිබඳව අදහස් දක්වා තිබුණා.

මේ ගැන අමාත්‍යවරයා පවසන්නේ තමා ජනතාවට කරන සේවය නතරකිරීම සඳහා ඇතැම් පාර්ශව වැරදි ප්‍රචාර දියත් කරන බවයි.

163563_1 163563_2 163563_3

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!