Gossip News

රෝහලේ ඔක්සිජන් නොමැති වීමෙන්, පකිස්තානයේ කොරෝනා රෝගින් 06ක් මරුට

ඔක්සිජන් සැපයුම අඩාල වීම හේතුවෙන් උතුරු පකිස්ථානයේ ‘පෙෂවර්’ නගරයේ පිහිටි රජයේ රෝහලක් වන ‘කයිබර්’ ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු ඉකුත් සෙනසුරාදා (05)  මිය ගොස් තිබේ. අදාළ රෝහලට ඔක්සිජන් සිලින්ඩර සපයන සමාගම විසින් එම සිලින්ඩර සැපයීම ප‍්‍රමාද කිරීම හේතුවෙන් මෙම ආසාදිතයන් මෙසේ අවාසනාවන්ත අයුරින් මිය ගොස් තිබෙන බව රෝහල් බලධාරීන් විසින් ප‍්‍රකාශ කර තිබේ.

මෙසේ ඔක්සිජන් හිඟය හේතුවෙන් මිය ගොස් ඇත්තේ රෝහලේ වාට්ටුවක ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු හා රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි අසාධ්‍ය ආසාදිතයෙකි. ඔක්සිජන් සැපයුම ප‍්‍රමාද වීම හේතුවෙන් ‘කයිබර්’ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින තවත් රෝගීන් 200කට අධික සංඛ්‍යාවක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වේ. රෝහලේ ප‍්‍රතිකාර ලබන ස්වසන අපහසුතාවන්ගෙන් පෙළෙන

රෝගීන් බොහොමයකට නියමිත ලෙස ඔක්සිජන් ලබානොදීම හේතුවෙන් කලබලයට පත්ව ඇති එම රෝගීන්ගේ ඥාතීන් බලධාරීන්ගෙන් සිය රෝගීන්ට ඔක්සිජන් ඉල්ලා ආයාචනා කර තිබෙන බව වාර්තා වී ඇත. ඔක්සිජන් නොමැතිව කොරෝනා ආසාදිතයන් හය දෙනෙකු මිය ගොස් ඇත්තේ ඉකුත් සෙනසුරාදා දිනයේ අලූතින් ලැබීමට නියමිතව තිබූ ඔක්සිජන් සිලින්ඩර රෝහලට නොලැබීම නිසා වන බවත් ඒ වන විට රෝහලේ පැවති ඔක්සිජන් සිලින්ඩර 300ක ප‍්‍රමාණය එම ආසාදිතයන් සවි කර තිබූ වෙන්ටිලේටර් වෙත සැපයීමට තරම් ප‍්‍රමාණවත් නොවූ බව වාර්තා වේ.

මෙහිදී කයිබර් රෝහලේ කාර්ය මණ්ඩලය විසින් ඔක්සිජන් නොමැතිව අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ගේ ඥාතීන්ට පිටතින් ඔක්සිජන් සිලින්ඩර මිල දී ගෙන එන ලෙස පවසා ඇති බව වාර්තා වී තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!