Gossip

“එයා මාව විවාහ කරගන්න බලාගෙන ආදරේ කරන්නේ කියලා මට දැනුනා.” – කාටත් නොකියාම විවාහ වුණු ඕෂධී සියල්ල හෙළි කරයි

ඕෂධී හිමාෂා කියන්නේ දක්ෂ නිරූපණ ශිල්පියක් වගේම රංගන ශිල්පිණියක්.
ඇය පසුගියදා විවාහ දිවියට පිවිසියා.
මේ ගැනත් ඇයගේ අලුත් ජීවිතය ගැනත් ඕෂධී සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ඕෂධීගේ ජීවිතේ සුවිශේෂී දෙයක් සිද්ධ වුණා කියලා ආරංචියි…?
ඔව්.. සුවිශේෂී දෙයක් සිද්ධ වුණා. ඒ මගේ විවාහය..

ජීවිතයේ සුවිශේෂම අවස්ථාව වැඩි සද්දබද්ද නැතිව සැමරුවේ ඇයි..?
වෙඩින් එක ගන්නවට වඩා අපි දෙන්නගේ ජීවිතේ ඊට වඩා ලොකු සැලසුම් තියෙනවා.
මම නිරූපිකාවක් නිසා මම මනාලියක් විදිහට ඕනෑ තරම් සැරසිලා තියෙනවා. අපි දෙන්නම ලොකු පාටි ගන්න කැමති වුණේ නැහැ.. බොරු දේවල්වලට වියදම් කරන්න කැමති වුණේ නැහැ. ළඟම යාළුවෝ කිහිප දෙනෙක් සහ පවුලේ අය එකතු කරගෙන අපේ විශේෂ දවස සමරන්න හිතුවා.

ඕෂධීගේ ජීවිතයට එකතු වුණු ඒ කෙනා කවුද කියමු..
එයාගේ නම මනෝජ් ප්‍රනාන්දු.

ඔබට ඔහුව මුණගැහුණේ කොහොමද..?
එයා වෘත්තියෙන් ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ වැඩ කරන්නේ. මම ලංකාවෙන් පිටව ගිහින් එද්දි ෆ්ලයිට් එකේදි තමයි මට එයාව මුණගැහුණේ.

මුල් හමුවේදිම ආදර කතාව පටන් ගත්තද.?
නැහැ. අපි දෙන්නා කතාබහ කළා.. ටික දවසක් යද්දි තමයි අපි ආදරේ කරන්න පටන් ගත්තේ.

දෙන්නාගේ ආදරේට කොච්චර කාලයක් ගත වෙද්දිද විවාහ වෙන්න හිතුවේ.
අපේ සම්බන්ධයට අවුරුද්දක් ගත වෙද්දි තමයි අපි විවාහ වුණේ..

ඕෂධී හිතනවද මෙදා හැරේ ජීවිතේට ළං කරගත්තේ හරිම කෙනා කියලා..
ඔව්.. අපි දෙන්නගේ අදහස් හොදට ගැලපෙනවා.. එයා මාව විවාහ කරගන්න බලාගෙන ආදරේ කරන්නේ කියලා මට දැනුනා. එයා මගේ වෘත්තිය ගැනත් හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. ඒ වගේම එයාගෙන් හොඳ සහයෝගයකුත් ලැබෙනවා.. ඒ නිසා මම හිතනවා එයා මට හොඳට ගැලපෙනවා කියලා.

ඔය ආදර කතාවට බාධා තිබ්බේ නැද්ද..?
බාධා අපි හැමෝටම තියෙනවනේ…

ඔබේ අතීතය ඔහුට ප්‍රශ්නයක් වුණේ නැද්ද..?
නැහැ.. එයාට මගේ අතීතය ප්‍රශ්නයක් වුණේ නැහැ.. අපි අතීතය ගැන කතා කරන්නේ නෑ.. අනාගතය පැහැදිලි නම් මගේ අතීතය ප්‍රශ්නයක් කරගන්න එයාට ඕනේ නැහැ.

ඔබේ නිරූපණ කටයුතු රංගන කටයුතුවලට සැමියාගෙන් බාධාවක් මතුවෙන එකක් නැද්ද..?
නැහැ.. මට එයාගෙන් කිසිම බාධාවක් නැහැ. එයත් නිරූපණ ක්ෂේත්‍රයට ආසයි. එයාගෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා.

මනෝජ් නිරූපණ ශිල්පියෙක්ද..?
ගොඩක් අය හිතනවා එයා නිරූපණ ශිල්පියෙක් කියලා.. නමුත් එයා නිරූපණ ශිල්පියෙක් නෙවෙයි. මාත් එක්ක ෆොටෝ ෂූට් කිහිපයක් කරලා තියෙනවා.. එයා 2012 දි තරගයකටත් සහභාගී වෙලා තියෙනවා. නමුත් එයාගේ රැකියාව එක්ක නිරූපණ කටයුතුවලට කාලය කළමනාකරණය කරගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා.. එයාගේ පෙනුම නිරූපණ කටයුතුවලට ගැලපෙන නිසා සෑහෙන අවස්ථා ලැබෙනවා.. කොහොම වුණත් වෙලාව තියෙන විදියත් එක්ක එයා ඒ දේවල්වලටත් සම්බන්ධ වෙයි.

ජීවිතයේ සුවිශේෂී ඇඹුමත් එක්ක තව ඉෂ්ට කරගන්න හීන ඇති.?
දැන් මට අවුරුදු 27 යි.. මට හරි ආසයි හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න.. දැන් මට තියෙන හීනය තමයි මවක් වෙන එක.. මේ අවුරුද්දේ ඒ හීනයත් සැබෑ කරගන්න තමයි හිතාගෙන ඉන්නේ.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!