Gossip

නුවර කුණු කන්දේ ටොනෙඩෝවක් හටගත්තේ ඇයි? හේතුව මෙන්න

මහනුවර ගොහාගොඩ තේක්ක වත්ත කුණු කන්දේ ටොනේඩෝවක් හටගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගියදා අප ඔබට වාර්තා කළා.

මීතොටමුල්ල කුණු කන්ද නායයාමත් සමගම මෙවැනි දෙයක් වාර්තා වූ හේතුවෙන් බොහෝ දෙනෙක් ඒ පිළිබඳව තොරතුරු සොයා බැලුවා.

ඉතින් මෙම ටොනේඩෝව හටගෙන ඇත්තේ කොහොමද කියලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් සවිස්තරාත්මකව පවසා තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ කුණු කන්දේ අධික ලෙස මීතේන් වායුව නිෂ්පාදනය වී ගෑස් විදාරණය වීමෙන් ටොනේඩෝවක් මෙන් ස්වරූපයක් දිස්වන බවයි.

මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය මෙයට හේතු වන්නට ඇති බවට සැකකරන බවත් ගෑස් විදාරණය වීම විනාඩි කිහිපයක් පැවැත එම තත්ත්වය පහව ගොස් තිබෙන බවත් ඒ මහතා පවසනවා.

සාමාන්‍යයෙන් මෙම දිනවල සෙල්සියස් අංශක 35- 36 අතර උෂ්ණත්වයක් පවතින බැවින් ‍පොළොව අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක පමණ අගයක් දක්වා ඉහළ යන බවත් තේක්ක වත්ත කසළ බැහැර කරන ස්ථානය අභ්‍යන්තරයේ ගෑස් විදාරණයක් ඇති වීමට මෙය බෙහෙවින් හේතු වන්නට ඇති බවට අනුමාන කිරීමට සාධක පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කරනවා.

තේක්ක වත්ත කුණු කන්ද මත ඉකුත් 28 දා ටොනේඩෝවක ස්වරූපයෙන් දූවිල වලාවක් මතුව විනාඩි කිහිපයක් පැවැති අතර අදාළ ස්ථනය නිරීක්ෂණ කිරීමෙන් පසු මහචාර්යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

පොළව අභ්‍යන්තරයේ පවතින සෙල්සියස් අංශක 40 ක පමණ උෂ්ණත්වයත් තෙතමනයත් කසළ සමඟ පොළවේ වර්ධනයවී තිබෙන කාබනික ද්‍රව්‍යයත් නිසා මීතෙන් වායුව නිෂ්පාදය කෙරෙන මීතොනෝජෙනික් බැක්ටීරියාව පහසුවෙන් වර්ධනය වන බවත් පොලිතීන් සමඟ මෙම මීතෙන් වායුව තෙරපී ඇතිවන පීඩනය මගින් දූලී වලාවක් සමඟ එම වායුව ඉහළට විදාරණය වන බවත් සේනාරත්න මහතා කියා සිටියා.

කුණු කන්ද පතුලේ සිට ඉහළට පහසුවෙන් ගමන් කළ හැකි ස්ථානය තෝරාගෙන එම ස්ථානයෙන් ඉහළට එය විදාරණය වන බවත් මෙය ටොනේඩෝවක් බව තහවුරු කිරීමට ප්‍රමාණයත් හේතු නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!