Gossip

නිල්මිණී රට අතහැර යනවාද?

නිල්මිණි තෙන්නකෝන් මේ දිනවල රූපවාහිනී තිරයේ දැකගන්න නොලැබුණත්, සිනමා තිරයෙන් නම් දැකගන්න පුළුවන්. ඒ ප්‍රවීණ සිනමාවේදී උදයකාන්ත වර්ණසූරියගෙ නවතම සිනමා නිර්මාණය වන බන්ධනය චිත්‍රපටයෙන්. මේ ඇය සමග කළ කතාබහක්.

මොකද රට අත්හැරලා යන්න හිතුණේ?

මම ඕස්ට්‍රේලියාවට යන්න හදනවද කියලා මගේ යාළුවොත් මගෙන් අහනවා. අනේ මන්දා මමවත් දන්නෙ නැති මේ කතා මොනවද කියලා? පසුගිය දිනවල ටෙලිතරු රැයක් වෙනුවෙන් නම්, ඕස්ට්‍රේලියා ගියා. නමුත් රට අත්හැරලා නම් යන්න අදහසක් කොහෙත්ම නැහැ. හැබැයි දුවගෙ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නම්, සමහර විට යන්න වේවි. ඒත් පදිංචියට නම් නෙවෙයි. මට මේ රටේ හදාගත්ත මේ සියලූ දේ දාලා යන්න බැහැ. ඒ හැරත් මගේ රටට මම හරිම ආදරෙයි.

කොහොමද ජීවිතය කියලා ඇහුවොත්?

ජීවිතය හරිම සුන්දරව හොඳින් ගෙවෙනවා. ඒ එක්කම කාර්ය බහුල වෙලා. රංගන ජීවිතයට මාස හයකට සමුදුන්නා. එහෙම කළේ දියණියගෙ සා/පෙළ විභාගය නිසයි. දැනට දායක වෙන්නෙ මෙගාස්ටාර්වලට විතරයි. ඒකත් මෙම 29 වැනිදායින් අවසන් වෙනවා. ඉතින් ඊට පස්සෙ මුළු කාලයම දියණියගෙ අධ්‍යාපනය වෙනුවෙන් සහයෝගය ලබා දීමට වෙන් කරලා තියෙන්නෙ. හැබැයි සමහරු මේ නිසා අමනාපත් වෙලා.

ඒ කවුද?

අලූත් නිර්මාණවලට කතා කරනවා. නමුත් දැන් සෑහෙන කාලයක සිට රඟපාන නිසා මටත් විවේකයක් අවශ්‍ය වුණා.

රඟපෑමට ආරාධනා ඇවිත් ඒවා ප්‍රතික්ෂේප කළාම අපේ හිතවතුන් අමනාප වන අවස්ථා එහෙමත් තියෙනවා. කොහොම වුණත් කලාවෙන් නම් ඉවත් වන්නෙ නැහැ. කලාවට පිං සිද්ධ වෙන්න තමයි සෑම දෙයක්ම ගොඩනගා ගත්තෙ. නිවස පවා බැංකු ණය අරගෙන හදලා ඒ ණය ගෙවමින්, මේ කටයුතු සියල්ල කරන්නෙ කලාව නිසයි. ඒ නිසා මට මගේ ජීවිතය තනියම ගොඩනගාගෙන යන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙලා. සැලෝන් එකේ කටයුතුත් ඉතා හොඳින් කරගෙන යනවා. ඉතින් මේ තනියම යන ගමන නිසා ජීවිතය කාර්යබහුල වෙලා

තනිකම කියන දේ දැනෙනවද?

දැනෙනවා. ඒත් යම්කිසි වෙලාවකට විතරයි. ඒක නොදැනෙන විදියට දවස කාර්යබහුල කරගෙන යනවා. ඒ කාර්යබහුල බවට මම හරි කැමතියි.

අද නිල්මිණිට, නිල්මිණි ගැන හිතෙන්නෙ කොහොමද?

ඇත්තටම මට මං ගැන ආඩම්බරයි. මම අම්මා තාත්තාගෙ හුරතලය එක්ක හැදී වැඩුණ දරුවෙක්. ඒ කාලයේ මට ජීවිතයේ කිසිම බරපතළ බවක්, වගකීමක් තේරුණේ නැහැ. අඩු තරමින් මම බැංකුවකටවත් ගිහිල්ලා නැහැ. රංගනයට ආව මුල් කාලයේදී ඉතා සැහැල්ලූවෙන් කටයුතු කළේ. නමුත් බිරිඳක්, මවක් වූ පසුව ජීවිතයේ බොහෝ වගකීම දරණ සහ යුතුකම් ඉටුකරන චරිතයක් බවට පත්වුණා. ජීවිතයෙ අපට කිසි දෙයක් අයිති නැහැ. ඒ දර්ශනය මම වටහාගෙන සිටින කෙනෙක්. ඒ නිසා ජීවිතයට වැඩිය ඇලූම් කරන්නෙ නැහැ. නමුත්, මගේ එකම වස්තුව මගේ දියණියයි. අපි සතු වගකීම් ඉතා නම්බුකාර විදියට දියණිය වෙනුවෙන් ඉටු කරන්න ඕනෑය කියන තැන තමයි මම ඉන්නෙ.

බන්ධනය ගැනත් කිව්වොත්?

උදයකාන්ත අයියා එයාගෙ පළමු නිර්මාණයට ගත්ත පළමු නිළිය මමයි. දිය සුළියෙන් එදා පටන්ගෙන එයාගේ ලේ කිරි කඳුළු ප්‍රධාන චරිතයත් රඟපෑවා. බන්ධනය චිත්‍රපටයේ මම රඟපාන්නෙ වෙද මහතෙකුගේ දියණියක ලෙසයි. එය පවුල් දෙකක ඝට්ටනයක් ප්‍රකාශ වන, කතාවක්. හොල්මන් – අවතාර ගැනත් ප්‍රකාශ වෙනවා. හරිම කුතුහලයෙන් නරඹන්න පුළුවන්. හරිම වෙනස්. අත්දැකීමක් ගත හැකි කළු සුදු චිත්‍රපටයක්.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!