Gossip

නිල්මිණිගේ කැඩිච්ච පවුල ගොඩ ගිය නැත්තේ තවත් ජනප්‍රිය නිළියක් නිසාද?

cvr

සතුටයි දුකයි කියන්නේ අපි හැමෝම අත්විඳින ප්‍රබලම හැඟීම් දෙකක්. ජීවිතයේ විඳින අනේක විධ අත්දැකීම්  සමුදාය අවසානයේ අපිට හිමිකරන්නේ මේ හැඟීම් දෙකින් එකක්. රිද්ම තුළින් මේ සතියේ ඉඳන් අපි මේ ප්‍රබල හැඟීම් දෙක ගැන කතා කරන අලුත්ම විශේෂාංගයක් අරඹනවා. අපේ ඒ කතා බහට හා හා පුරා එකතුවන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නිල්මිණී තෙන්නකෝන්.

සතුටයි දුකයි වැඩියෙන්ම දැනෙන්නේ සංවේදි හිත්වලට?
අනිවාර්යයෙන්ම ඔව්. මමත් ගොඩක් සංවේදී හින්දා මටත් ඔය හැඟීම් වැඩිපුරම දැනෙනවා. මට ඒ ගැන සතුටුයි. ගැහැනියක් කියන්නේ සංවේදි චරිතයක් විය යුතුයි. ගැහැනියක් පිරිමියෙක් විය යුතු නැහැ කියන තැන තමයි මම ඉන්නේ.

ජීවිතයේ වැඩියෙන්ම සතුටු වූ හා දුක් වූ අවස්ථා මොනවාද?
වැඩියෙන්ම සතුටු වුණේ දුව ඉපදුනු දවසේ.
වඩාත්ම දුක්වුණු අවස්ථා දෙකක් තියෙනවා. තාත්තාගේ අභාවය සිදු වූ දවසයි අයියගෙ අභාවය සිදු වූ දවසයි තමයි ඒ.

ගැහැනිය සංවේදී විය යුතුයි පිරිමියෙක් විය යුතු නෑ කියා ඔබ පැවැසුවා. එබඳු ගැහැනියකට පිරිමියෙකුගේ රැකවරණයක් අවශ්‍යයි නේද?
අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

ඒ රැකවරණය අහිමි වී ගිය අඩුව හා දුක නිල්මිණීට දැනුනේ නැද්ද?
තවමත් දැනෙනවා.

ඊට මුහුණ දෙන්නේ කොහොමද?
ව්‍යාපාරය තුළ කලාව තුළ කාර්ය බහුල වුණාම හැමදේම අමතක වෙනවා. ඒත් මට තනියම කරගන්න බැරි දේවල් වලදී, වගේම මම තනිවුණු වෙලාවල ඒ අඩුව තදින්ම දැනෙනවා. ඒ වෙලාවට තනියම ඒක විඳ දරා ගන්නවා.

විවාහය දෙදරා යාම දුකක් නම් ඇයි ඒ දුකින් මිදෙන්න උත්සාහ නොකළේ?
දෙදරා ගිය විවාහය යළි එක තැනකට ගන්නට අවස්ථා උදා වුණා. ඒත් ඒ අවස්ථාත් ගිලිහිලා ගියා. මම හිතන්නේ ඒ මගේ ෙදෙවය විය යුතුයි.

නිල්මිණී දරාගන්න බැරි සතුටක් දැනුණාම මොකද කරන්නේ?
එය උපරිමයෙන් විඳිනවා. සින්දුවක් දාගෙන දුවත් එක්ක නටන අවස්ථාත් තියෙනවා.

දරාගන්න බැරි දුකක් ආවම?
දුක් ගීතයකට සවන් දෙනවා.

හිත වඩාත්ම සසල කළ දුක් ගීතය මොකක්ද?
නන්දා මාලිනිගේ මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින් ගීතය.

ඒ ගීතය ඇයි ඔය තරමට හිත සසල කරන්නේ?
මගේ ජීවිතයට සම්බන්ධ නිසා.

ඒ ගීතය ඇහෙද්දී මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?
මම කාරෙකේ යද්දී ඔය ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණොත් මම කාරෙක පැත්තක නවත්වලා ඒ ගීතය අහනවා. ඒ වෙලාවට මම තනියම අඬපු අවස්ථා අනන්තයි. ඔය ගීතය විතරක් නමෛයි දුක දැනෙන ඕනෑම ගීතයක් ඇහෙද්දී ඇහැට කඳුළක් එන එක අනිවාර්යයි.

ජීවිතය බෙදාගන්න ළඟින් ඉන්නේ දුව. නිල්මිණී ඔය විදියට හුදකලාව වැළපෙන අවස්ථාවල දුවත් ඒ දුකට එකතු වෙනවද?
කිසිම දාක එහෙම වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. දුවට මම කවදාවත් මගෙ කඳුළු පෙන්වන්නේ නැහැ එතකොට එයා හිතයි මම අසාර්ථක ගැහැනියක් කියලා. මම මගෙ දුව ඉදිරියේ පෙන්නන්නේ මම ශක්තිමත් ගැහැනියක් කියලා.

ඒ කියන්නේ දුකේදී හඬා වැටෙන සංවේදී හිතක් තිබුණට නිල්මිණී ශක්තිමත් ගැහැනියක්?
ඔව්. මම මගේ ව්‍යාපාරය කලා ජීවිතය පවත්වාගෙන යන්නේ, දුවගේ ජීවිතය සාර්ථක කරගන්න කැප වෙන්නේ ඒ හින්දනේ.

වයසත් එක්ක අත්දැකීම් එක්ක සංවේදි හිත් රළු වෙනවා.
ඒක රළුවීමක් නමෛයි. ජීවිතය ගැන අවබෝධය ලබාගැනීමක්. මමත් දැන් එදාට වඩා ජීවිතය ගැන අවබෝධයක් තියෙනවා. අයියගෙ අභාවයට මුහුණ දුන්නු විදියෙන් මට ඒ ගැන වැටහුණා.

ඒ කිව්වේ?
ජීවිතයේ විඳි ලොකුම දුක තාත්තාගේ අභාවයයි. අයියගෙ අභාවයයි කියලා මම කිව්වේ. තාත්තා මියයන විට මම ‍පොඩියි. ඒත් අයියා මියගියේ මැතක. අයි.සියු.එකේ එයා ජීවිතයයි මරණයයි අතර සටන් කරද්දී වෛද්‍යවරු මට කිව්වේ හිත හදාගන්න කියලා. අපි හැමෝම මරණයත් අරගෙන මේ ලෝකෙට ආපු අය කියලා මම එදා හිතුවා. ඒ සිතුවිල්ලත් එක්ක අයියගෙ මරණයේ දුක විඳ ගන්න මට හැකි වුණා. ඇත්තට බැඳීම් හා ඇලීම් අඩුකරගෙන ජීවිතයට මුහුණ දෙනකොට දුක දැනෙන අවස්ථා අඩු බව මට දැන් වැටහිලා තියෙනවා.

ඒත් නිල්මිණී තමන්ගේ දුව ගැන දැඩි බැඳීමකින් පසුවෙනවා?
ඒක නම් ඇත්ත දුව තමයි මගේ ජීවිතේ.

පුතෙක් හැදුවොත් දවසක එයා ‍ලේලි කෙනෙක් අරගෙන ගෙට එනවා. ඒත් දුවෙක් හදන්නේ පිටට දෙන්න. ඔය යථාර්ථය නිල්මිණී වටහාගෙන නැද්ද?
වටහාගෙන ඉන්නේ. මගේ දුව දවසක මාව දාලා යන බව මම දන්නවා. එදාට එයාගෙ සතුට දිහා බලලා මම සතුටු වනවා.

ඊට පස්සේ උදාවන හුදකලාව
එදාට මගෙ ව්‍යාපාර කටයුතු, කලා කටයුතු එක්ක මම ඉඳියි. නැතිනම් නැතිනම් පැත්තකට වෙලා ඉඳියි. මම ඒව දන්නේ නැහැ. කිසිම දෙයක් ගැන මහලොකු සැලසුම් මට නැහැ. ඒත් මගෙ ජීවිතය දුවගේ අධ්‍යාපනය, අනාගතය මම ගොඩනගාගෙන ඉන්නේ. ඒ හින්දා මට මම ගැන සතුටක් තියෙනවා.

උපුටා ගැනීම – ලක්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!