Gossip

නවසීලන්තය හෙල්ලීම මහා විපතක ආරම්භයද? (ඡායාරූප)

1
නවසීලන්තයට බලපෑ රික්ටර් පරිමාණ 7.8ක භූ කම්පනයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එරට වේලාවෙන් සඳුදා අලුයම 2.00 ට පමණ ප්‍රථම සුනාමි රළ නැගෙනහිර වෙරළට පැමිණ තිබුණි.
නවසීලන්ත දකුණු දූපතේ, ක්‍රිස්ට්චර්ච් පළාත ආශ්‍රිතව ඇති වූ භූ කම්පනයෙන් පසුව, තවත් පසු කම්පන රැසක් සිදුව තිබූ අතර ජනතාවට හැකිතාක් ආරක්ෂිත හා උස් ස්ථානයන් කරා යන ලෙස අවවාද කර තිබුණි.
ප්‍රථම උදම් රළ අඩි දෙකහමාරක් පමණ උසට පැමිණ තිබූ අතර, අඩි පහක් පමණ වන උදම් රළ පැමිණීමක්ද බලාපොරොත්තු විය හැකි බව පැසිෆික් සුනාමි අනතුරු දැන්වීමේ මධ්‍යස්ථානය වාර්තා කළේය.
භූ කම්පන හා ගිනිකඳු පිපිරීම්වලට නිතර බඳුන්වන පැසිෆික් වළල්ලේ නවසීලන්තය පිහිටා ඇති අතර, 2011 වසරේදී ක්‍රිස්ට්චර්ච් වෙත බලපෑ රික්ටර් පරිමාණ 6.3ක භූ කම්පනයෙන් ජීවිත හානි 185ක් සිදුවිය.
මෙම භූ කම්පනයෙන් පසුව ක්‍රිස්ට්චර්ච් මෙන්ම, භූ කම්පනයේ කම්පන තරංග දැනුණු බොහෝ පළාත්වල වැසියන් එළිමහනේ විවෘත ස්ථානවල රාත්‍රිය ගතකරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
එමෙන්ම, මංමාවත්, පාලම් ආදියේ බිඳ වැටීම් මෙන්ම, නිවාස හා ගොඩනැගිලි කඩා වැටීම් හා වෙළෙඳ සැල්වල බඩුබඩාහිරාදිය විසිරී ඇති ආකාරයද දැකගත හැකිවිණි.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!