Gossip

“වයිබර් ඔන්ලයින් හිටියත් රණ්ඩු, ඒවා තේරුමක් නැතිව බොළඳ විදියට කරපු දේවල්.” – දඩ කොලයක් දුන්නු පොලිස් නිලධාරියා සමඟ යුග දිවියට පාතබන්න සැරසුනු ජනප්‍රිය නිළිය දැන් කියන කතාව

නෙතු ප්‍රියංගිකා කියන්නේ කවුරුත් දන්න ජනප්‍රිය නිළියක්.

ඇය ළඟදීම යුගදිවියට පාතබන්න සූදානම් වෙනවා කියලා ආරංචියක් පැතිරෙනවා.

ඒ ඇයට දඩ කොලයක් දීපු පොලිස් නිලධාරියෙක් සමඟ.
ඒ ගැන ඇය මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

නෙතු මේ දවස්වල අලුත් වෙනසට ලක ලැහැස්ති වෙනවා නේද?
ඔව්. සාමාන්‍ය විදියට කලා කටයුතුත් කරගෙන යන අතරේ ජීවිතේ සිද්ධ වෙන්න යන වෙනසටත් ලැස්ති වෙනවා.
ජීවිතේ වෙනස් වෙන්නත් ඕනෙනේ. ජනවාරි මාසේ මගේ විවාහ උත්සවය නිසා ඒ වෙනුවෙන් තමයි මේ දවස්වල මහන්සි වෙන්නේ. මම ගමේ හැදුණ කෙනෙක් නිසා ගමේ සිරිත් අනුව ගමේම වෙඩින් එක ගන්න තමයි අපි හිතුවේ.

නෙතුගේ හිත ගත්ත ඒ කෙනා කවුද?
එයාගේ නම නුවන් ජීවන්ත. මගේ ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි එයා. එයා පොලිසියේ රාජකාරි කරන්නේ. අපේ හමුවීමත් අහම්බයක්.
ඒ අහඹු හමුවීම විවාහය දක්වා දුරදිග ගියා.

කොහොමද ඒ අහඹු හමුවීම වුණේ?
මම දවසක් මගේ යාළුවෙක් එක්ක නුවර හොස්පිට්ල් එකට ගියා. වාහනේ පාක් කරලා පයින් යද්දී කහඉර ළඟ හිටපු පොලිස් නිලධාරියෙක් හිනාවෙලා මට මොනවා හරි කිව්වා.
මට ඒක හරියට ඇහුණේ නැහැ. මමත් හිනාවෙලා ගියා. ඊට පස්සේ එදා ගෙදර යන්න වෙන්නේ නැති නිසා මම යාළුවගේ ගෙදර නැවතුණේ.
නුවර පාර අයිනේ යාළුවගෙ ගෙදර තිබුණ නිසා වාහනය පාක් කරන්න තැනක් තිබුණේ නැහැ.
පාරේ තැනක වාහනය නවත්තලා අපි නිදා ගත්තා. පහුවදා මගේ යාළුවගේ තාත්තා කතා කරලා කිව්වා පොලිසියේ කෙනෙක් ඇවිත් මගේ වාහනය ලියනවා කියලා.
ගිහින් බලද්දී ඒ පොලිස් නිලධාරියා මගේ වාහනයේ විස්තර ටික ලියා ගන්නවා. මම ඉතිං ගිහින් කිව්වා “අනේ සර් සහනයක් දෙන්න” කියලා. බිම බලාගෙන හිටපු නිසා මට එයාව හඳුනාගන්න බැරි වුණා. ඔළුව උස්සද්දිම මට මතක් වුණා මේ ඊට කලින් දවසේ හිනාවෙලා විහිළුවක් කරපු පොලිස් නිලධාරියා නේද කියලා. එයා දැක්කම මට කතා කරගන්නත් බැරිව ගියා. ඒත් අපි හඳුන ගත්තට ඒ වෙනකොටත් එයා මට දඩ කොළය ලියලා ඉවරයි. එහෙම තමයි අපේ මුණගැසීම වුණේ.

අහඹු හමුවීමක් වුණත් ඒ මුණගැසීම නෙතු බලාපොරොත්තුවෙන් ඉඳලා නේද?
ඇත්තටම වෙනදා එයා ඒ පාරේ ඩියුටි කරන්නෙත් නෑලු. ඒත් අපිව හමුවෙන්න තියෙන නිසා වෙන්න ඇති එහෙම සිද්ධ වෙන්න ඇත්තේ. ගෙදර ආවත් මට එයාව මතක් වුණා.
මම එයාව කලින් දැනගෙන හිටියේ නැති වුණාට මට එයාගේ විශේෂත්වයක් තිබ්බා. මොකද අපි දෙන්නා කතා කරද්දිත් ඇස් දෙක දිහාම බලාගෙන කතා කළේ.

ඊට පස්සේ ආදර කතාව පටන් ගත්තේ කොහොමද?
මම නුවර පොලිසියට ගිහින් දඩ කොළය ගෙව්වා. ඒ ගෙවලා ගෙදර ආවත් මට දඩ කොළය ලියපු ඒ කෙනාව නිතර මතක් වුණා.
ඒක ඇයිද කියලා දන්නේ නැහැ. ඊට දවස් දෙකකට විතර පස්සේ මම ෆේස්බුක් යද්දි පොලිස් නිල ඇඳුම ඇඳ ගත්ත කෙනෙක්ගේ ඡායාරූපයක් තියෙන ෆේස්බුක් ගිණුමකින් මට හායි කියලා මැසේජ් එකක් එවලා තිබ්බා. අපිට කොච්චර ෆේස්බුක් එකට මැසේජ් එනවද. මම ඒවා බලන්නේ නෑ. ඒත් මේ ෆොටෝ එක දැක්ක ගමන් මමත් හායි හායි කියලා මැසේජ් කළා.
ඊට පස්සේ එයා මගෙන් අහලා තිබ්බා දඩ කොළය ගෙව්වද කියලා.
අපි ෆේස්බුක් එකෙන් කතා බහ කරලා ඊට පස්සේ දුරකථන අංක හුවමාරු කරගෙන කතා කළා. එහෙම තමයි ටෙලි නාට්‍යයක් වගේ අපේ ආදර කතාව පටන් ගත්තේ.

ඔය ආදර කතාවට දැන් කොච්චර කල්ද?
අපේ ආදර කතාවට අවුරුදු හතරක් විතර වෙනවා.

ඔය දෙන්නට දෙන්නා තේරුම් ගන්න ලැබුණ කාලය හොඳටම ඇති කියලා හිතනවද?
ඔව්. මට මම ගත්ත තීරණය ගැන සතුටුයි. අපිට ඉක්මනට විවාහ වෙන්න ඕන වුණේ නැහැ.
ඉක්මනින් විවාහ වෙලා ඩිවොස් වෙනවට වඩා ආශ්‍රය කරලා තේරුම් අරගෙන විවාහ වෙන්න තමයි අපිට ඕන වුණේ. උපතින්ම අපිට ඥාතියෝ හිටියට අපිම හොයා ගන්න එකම ඥාතියා තමයි අපේ සහකරුවා. මොන ප්‍රශ්නය ආවත් එකට ජීවත් වෙන්න හිතුවොත් අපිට වරදින්නේ නෑ. ඕනම ජීවිතයක ප්‍රශ්න එනවා. ඒවට මුහුණදීලා ජීවිතය එකට ගත කරන්න පුළුවන් නම් ඒක හොඳයි.

නෙතුට මීට කලින් ඕන තරම් තරුණයෝ මුණ ගැහිලා ඇතිනේ. ඇයි නුවන්වම තමන්ගේ ජීවන සහකරුවා කරගන්න තීරණය කළේ?
මම වැඩ කරන ක්‍ෂේත්‍රයේ ගොඩක් ලස්සන, දක්ෂ අය මුණ ගැහෙනවා. ඒත් සංසාරේ තිබ්බ බැඳීම් එක්ක තමයි මගෙයි නුවන්ගෙයි හමුවීම සිද්ධ වුණේ කියලා හිතනවා. ඇත්තටම ආරක්ෂක අංශයේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න මම හිතුවේවත් නැහැ. ඒත් පතාගෙන ආ විදියට අපි මුණ ගැහුණා.

ඔය ආදර කතාව ඇතුළේ නොගැළපීම් තිබිලම නැද්ද?
ඇත්තටම අපේ සම්බන්ධය පටන් ගත්ත මුල් අවුරුද්දේ නම් අපේ රැකියාවල් ගළපා ගන්න බැරුව රණ්ඩු. මොකද එයාගේ රැකියාව එක්ක අපිට හම්බෙන්න වෙලාවක් නෑ. කතා කරන්න වෙලාවක් නෑ. මුල් කාලේ තිබ්බ රණ්ඩු දැන් හරි බොළඳයි කියලා හිතෙනවා.
අපි තේරුමක් නැති දේවල්වලට තමයි රණ්ඩු වුණේ. වයිබර්, වට්ස්අප් ඔන්ලයින් හිටියත් රණ්ඩු, ඒවා තේරුමක් නැතිව බොළඳ විදියට කරපු දේවල්. දැන් අපි අපිව ගළපාගෙන විවාහය දක්වා ඇවිත් තියෙනවා.

නෙතු හිතන්නේ මේ ඔබේ හොඳම තෝරා ගැනීම කියලද?
ඔව්. දැන් අයියා මට හැමදේටම උදවු කරනවා. රංගන ශිල්පිනියක් නිසානේ එයා මාව හඳුනා ගත්තේ. එයා මාව ආදරෙන් බලාගන්නවා.
මගේ කොණ්ඩේ පීරනවා. කි්‍යුටෙක්ස් ගානවා. හරිම ආදරෙයි මට. මම දැන් එයාට මේකප් කරන හැටිත් කියා දෙනවා. පොලිස් නිලධාරියෙක් තුළ හරි සුන්දර මනුස්සයෙක් ඉන්නවා. මම හරි වාසනාවන්තයි. මම ආදරේ විඳින්න ගත්තේ එයා නිසා. හරිම සුන්දරයි අපේ ආදරේ. මට හරියට තරහා යනවා. මාව පාලනය කරන්න පුළුවන් එයාට විතරයි. ඒක අපේ ගෙදර අයත් කියනවා.

විවාහයෙන් පස්සේ නෙතු රංගනයෙන් ඈත් වෙලා යයිද?
නැහැ. දැන් මම ටිකක් වැඩ කරන්න කම්මැළියි. මට නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. ඒත් මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමැති නැහැ.
නුවන් මට ලොකු සහායක් දෙනවා. එයා මාව දිරිගන්වනවා. මොන ප්‍රශ්නය ආවත් මම කලාවට සමුදෙන්නේ නැහැ. නුවන් මාව කලාවෙන් අයින් කරන එකකුත් නැහැ. ගුණාත්මක නිර්මාණවලට දායක වෙන ගමන් හොඳ බිරියක් ඒ වගේම අනාගතයේදී හොඳම මවක් වෙන්නත් මට පුළුවන් වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!