Gossip

SPA බෝඩ් ගහගෙන වෙන වෙන සෙල්ලම් දාපු මීගමුවේ කාන්තාවන් හත් දෙනෙකුට අත්වුණු ඉරණම

මීගමුව, කොච්චිකඬේ ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් පසුගියදා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය විසින් වටලා තිබුණා.
එහිදී කළමනාකාරියක, කළමනාකරුවකු සහ ගණිකා වෘත්තියේ නියැළුන බව කියන කතුන් 7 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ගණිකා නිවාස දෙක ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යමින් තිබූ බවයි එම ඒකකය පැවසුවේ.
මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම ගණිකා නිවාස දෙක වටලා තිබුණා.
මෙම එක් ගණිකා නිවාසයක් වටලනු ලැබුවේ කොච්චිකඬේ, කට්ටුව, හලාවත පාරේදීය. අනෙක් ගණිකා නිවාසය කොච්චිකඬේ, දළුවකොටුව ප‍්‍රදේශයේදී වැටලූ බවද එම ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් කළමනාකරු හා කළමනාකාරිනිය හා ගණිකා වෘත්තියේ නියැළුන කතුන් සෙවණගල, පලාවිය, දමරන්වෙල, පාදුක්ක, බමුණුකොටුව, තබ්බෝව යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 45 ත් අතර වයසේ පසුවන්නන් බවයි වාර්තා වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!