Gossip

“අපෙන් බත් අරන් අපිට සහයෝගයක් දෙන්න.. මම මේ වෙනකල් කාගෙන්වත් මුදල් ගත්තේ නෑ.. මම ගැන වැරදි වැටහීමක් ඇති කරගනී කියලා මට බයයි” – Photos

අද සල්ලි තිබ්බත් හෙට ඒ සල්ලි නැතිවෙලා යන්න පුළුවන්.
ඒ විදිහට ලස්සනට ජීවත් වෙලා අසනීප තත්ත්වයක් නිසා දැන් අසරණ වෙලා ඉන්න තරුණයෙක් ගැනයි අපි මේ ඔබට කියන්නේ.
ඔහු නමින් මනීෂ.
වයස අවුරුදු 40 ක් වුණු මොහුගේ ආදරණීය බිිරිඳ රුසියානු කාන්තාවක්.
ඔහු වකුගඩු රෝගියෙක්. මේ වෙද්දි ඔහුගේ වකුගඩු දෙකම අක්‍රමවත් වෙලා. ඒ ගැන ඔවුන් මේ විදිහට සටහනක් තබා තිබුණා.

“අවුරුදු තුනක් මගේ ප්‍රතිකාර සඳහා උදව් කළේ මගේ දෙමව්පියන්. මේ වෙද්දි ඒ දෙන්නා විශ්‍රාමිකයි. ඒ නිසා මට මගේ දෙමව්පියන්ට බරක් වෙන්න බැහැ. මමයි මගේ බිරිඳයි තීරණය කළා කෑම හදලා කාටවත් බරක් නොවී ඒවා විකුණලා සල්ලි හොයාගන්න. ඒ නිසයි මම එවැනි දෙයකට යොමුවුණේ. මේ වෙනකල් මම කාගෙන්වත් මුදල් ගත්තේ නැහැ. දැන් වංචා කරන මිනිස්සු ඉන්න නිසා මම ගැනත් වැරදි වැටහීමක් ඇති කරගනී කියලා. අපෙන් බත් අරගෙන අපිට සහයෝගයක් දක්වන්න කියලයි මම ඉල්ලන්නේ. කාට හෝ උපකාරයක් කරන්න් පුළුවන්නම් මට ඒක ලොකු හයියක් වෙයි.”

ඒ මනීෂගේ ඉල්ලීමයි..

මනීෂගේ දුරකථන අංකය 077 122 1768

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!