Gossip

“එයා අදටත් දන්නේ නැහැ මම එයාට ආදරය කළා කියලා, සමලිංගික ආදරය කියන්නේ එක්තරා මානසික ලෙඩක් තමයි”

නයනා කුමාරි කියන්නේ අපේ රටේ ජනප්‍රිය කාගේත් ආදරය දිනාගත්තු නිළියක්.
ඇයත් පසුගිය කාලේ පුවත් මවන චරිතයක් වුණා.
මේ ආදරය ගැන ඇය සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණු විදිහයි..

ආදරයට නිර්වචනයක් දෙන්න පුළුවන්ද..?
ආදරය කියන්නේ ජීවත්වීම කියලයි මම හිතන්නේ. ආදරය තිබුණොත් තමයි ජීවත් වෙන්නේ.

පාසල් ප්‍රේමය සුන්දරයිද..?
එහෙම ප්‍රේමයක් මට නම් පාසලේ තිබුණේ නැහැ. මට ඒ අත්දැකීම නැහැ.

ආදරය මුලින්ම දැනෙද්දි වයස කීයද..?
පාසල් කාලෙදි තමයි මටත් ආදරය ගැන දැනෙන්නේ. මම කෙනෙක්ට ආදරය කළා.
එයා අදටත් දන්නේ නැහැ මම එයාට ආදරය කළා කියලා. වයස අවුරුදු 13 ක් 14 ක් විතර ඇති.

අප්‍රකාශිත ආදරයක් තිබුණද..?
ඔව්… මම කෙනෙකුට ආදරය කළා.. අද වෙනකම් කවුරුත් දන්නේ නෑ.

ජනප්‍රිය නළුවෝ කීදෙනෙකුට ආදරය කරලා තියෙනවද..?
ටෙලි නාට්‍ය චිත්‍රපටවල රංගනයේදී ආදරය කළාට සැබෑ ජීවිතයේ එහෙම ආදරය කරලා නෑ. මම ක්ෂේත්‍රයට ආපු මුල්ම ටෙලි නාට්‍යයෙන් මට සුමිත්ව ලැබුණා. එතැනින් තමයි මගේ ගමන ආරම්භ වුණේ. පළමු ටෙලියේදී තමයි මට සහය අධ්‍යක්ෂවරයා මුණගැහුනේ. එයත් එක්ක තමයි මම ආදරය පටන් ගත්තේ. ප්‍රථම ආදරය තමයි ඒ.

පෙම්වතාගෙන් ලැබුණු මුල්ම තෑග්ග මතකද..?
ඔව්… ඔහු මට මුලින්ම දුන්නේ මුද්දක්… ඒක ගෙදරට හොරු පැනපු වෙලාවේ අරන් ගිහින්නේ.

සමලිංගික ආදරය සමාජ සම්මතයට පටහැනිද..?
පටහැනිම තමයි.. අනුමත කරන්න බැරි දෙයක්.. එහෙම වෙන්නේ එක්තරා මානසික ලෙඩක් නිසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!