Gossip

“මම හිතන්නේ නෑ නිෂානි ටීචර් මට විවාහ යෝජනාවක් ගෙනෙයි කියලා” – සංගීතේ ටෙලි සිත්තමේ තිසංක සර්ගේ සැබෑ ජීවිතය ගැන හෙළි කරයි – Exclusive

ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමක් තමයි සංගීතේ ටෙලි නාට්‍ය කියන්නේ.
මේ ටෙලි සිත්තමේ කාගෙත් අවධානය යොමුවුණු රසික ආදරය නොඅඩුව ලබන චරිතයක් තමයි තිසංක සර්ගේ චරිතය.
තිසංක සර් එහෙමත් නැත්නම් නවීන් දිල්ෂාන් මේ දවස්වල මොකද කරන්නේ..? රංගන ක්ෂේත්‍රයට ආවේ කොහොමද..? ජීවිතේ දකින්නේ කොහොමද..?
ඒ හැම ප්‍රශ්නයකටම උත්තර මේ විදිහට නවීන් අපිට කිව්වා.

තිසංක සර් කොහොමද ඉතිං…?
හොඳින් ඉන්නවා මේ ටිකේ වැඩ ටික කරන් යනවා ඉතිං.. මියුසික් වීඩියෝ දෙක තුනක් කරගෙන ඉන්නවා.

සංගීතේ නිසා ඔබට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද..?
හිතාගන්න බැරි ප්‍රතිචාරයක් ලැබෙනවා.. මොකද දෙරණ නම්බර් වන් චැනල් එක නිසා නාට්‍යය බලනවා වැඩියි. ඉතිං වෙන නවක නළුවෙකුට හම්බවෙන්නේ නැති තරමේ ප්‍රතිචාරයක් එක නාට්‍ය යෙන් මට හම්බවෙලා තියෙනවා.

කොහොමද රංගන ක්ෂේත්‍රයට පිවිසුනේ..?
රංගන ක්ෂේත්‍රයට පිවිසුනේ කියන්නේ මම මීට කළින් මියුසික් වීඩියෝ දෙකක රඟපාලා තියෙනවා. නමුත් මම දෙරණටනම් ආවේ ගායකයෙක් විදිහට. හැබැයි හිතේ තිබ්බා කවදහරි රංගන ශිල්පියෙක් විදිහටත් ඉස්සරහට එනවා කියලා. රංගනයට ඉස්සෙල්ලම යොමුවුණේ සංගීතේ ටෙලි නාට්‍ය නිසා තමයි.

මේ තැනට එන්න ඔබට උදව් කරපු අය කවුද..?
ප්‍රථමයෙන්ම මට උදව් කළා ලක්සිරි වික්‍රමගේ මහත්තයා. දිනූෂ දිසානායක මගේ යාළුවා. ඊට පස්සේ සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂකතුමා සහ සමන් එදිරිමුණි අයියවත් ආදරයෙන් මතක් කරනවා.

ඔබ ආදර වන්තයෙක්ද..?
ආදරවන්තයෙක්නම් නෙවෙයි දැන්..

සංගීතේ ටෙලි සිත්තමේ ඔබත් සමග රංගනයෙන් දායක වන නිශානි ටීචර් එහෙමත් නැත්නම් හංසනී විවාහ යෝජනාවක් ගෙනාවොත් ඔබ මොකද කියන්නේ..?
ආ….. මමනම් හිතන්නේ නෑ එයා එහෙම යෝජනාවක් ගෙනෙයි කියලා.. එහෙම යෝජනාවක් කරන්න විදිහක් නෑ…

සංගීතය ටෙලි සිත්තම නිසා ආදර යෝජනා එහෙම ආවද..?
සෑහෙන්න සෑහෙන්න තියෙනවා..

මතක් කරමුද අමතක නොවන සිදුවීමක් ගැන…?
මගෙන් හුගක් දෙනෙක් අහන ප්‍රශ්නයක් මේක.. මට මගේ ජීවිතේ හැම සිද්ධියක්ම අමතක නොවන සිදුවීමක්.

අද සල්ලිවලට හැමදේම යටවෙලා.. මොනවද ඒ ගැන හිතන්නේ..?
සල්ලිවලට හැමදේම යටත් වෙලා තියෙනවා.. ඒක වැඩියෙන්ම තියෙන්නේ ලංකාවේ. වෙන රටවල්වල ගත්තොත් එහෙම සල්ලිවලට යටවෙලා නෑ.. මිනිස්සුන්ගේ සතුට මිනිස්සු ළඟ තියෙනවා. සල්ලි කියන දේ නෙවෙයි සතුට කියලා කියන්නේ.. අපිට ඉතිං පොඩි රුපියල් 10 කින් සතුටු වෙන්නත් පුළුවන් ලක්ෂයකින් සතුටු වෙන්නත් පුළුවන්. ඉතිං ඒක මටනම් ලොකුම දෙයක් නෙවෙයි. එක එක මිනිස්සු හිතන විදිහ තමයි ඒක.

කලා ක්ෂේත්‍රයේ අද හුඟක් ඉන්නේ අදුනිකයෝ.. ඒ අය එක පාර පිම්බිලා එක පාරම බැහැලා යනවා නේද..?
ඒකට ප්‍රධාන හේතුව කියලා මම හිතන්නේ විනය කියන දේ.. විනය නැතිවෙලා ගියාම මනුස්සයෙක්ගේ ජනප්‍රියත්වයත් එක්ක ඒ අයට වැඩි කාලයක් ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න අමාරුයි. ජනප්‍රියත්වය ඔළුවට ගත්තම තමන් කරන් ආපු හැමදේම නතරවෙනවා. ඊට පස්සේ දක්ෂතාවය හීන වෙනවා. දක්ෂතාවය හීන වුණාම මනුස්සයන්ට වැඩ ලැබෙන්නේ නෑ. ඊට පස්සේ එහෙමම ඒ කෙනා ක්ෂේත්‍රයෙන් අයින් වෙලා යනවා..

හුඟක් නළු නිළියන්ගේ විවාහ ජීවිතය අතරමග නතරවෙනවා. ඒ ඇයි..?
ඒකටත් කියන්න තියෙන්නේ හිත පාලනය කරගන්න බැරිකම තමයි.. අපේ රටේ නෙවෙයි ලෝක ප්‍රසිද්ධ අය සාර්ථකව පවුල් ජීවිත ගත කරනවා. නමුත් අද ලංකාවේ බහුතරයක් පවුල් ජීවිත අවුල්.. මම ඒ ගැන වැඩිය කතා කරන්නේ නෑ.. මොකද ඒ අයගේ පෞද්ගලිකත්වය නිසා මට ඒක අදාල නෑ.

මේ රටේ දේශපාලන තත්ත්වය ගැන මොනවද හිතන්නේ..? රටට අවශ්‍ය මොන වගේ නායකයෙක්ද..?
රටට අවශ්‍ය මුලින්ම ලංකාවේ විනය හදන නායකයෙක්.. මම ඔබ සහ හැමෝම සත්වයෝනෙ.. අපි කහඉරකින් මාරුවෙන්න ඉන්නවානම් එතන හරියට නීතිය ක්‍රියාත්මක වෙනවානම් අපි බයයි ඒ නීතිය කඩන්න. නමුත් ඔබ සහ මම නීතිය නැත්නම් පිස්සෝ වගේ ඔහේ පැනලා යනවා.. ඒ නිසා මම කියන්නේ විනය හැදුනොත් අනිත් දේවල් ඉබේම හැදෙනවා.

ඔබ කැමතිම නිළිය කවුද..?
මම කමැතිම නිළිය…. මම ආසයි පොඩ්ඩක් ඉන්න මට නම මතක නෑ ටිකක් මේ වෙලාවේ.. දෙවෙනි ඉනිමේ අනුහස්ගේ අම්මට මම කැමතියි…

නළුවා…?
මම ආසයි අමරසිරි කලංසූරියට..

ජීවිතේ වැරදුනු තැනක් හදාගන්න අවස්ථාවක් ලැබුණොත් මොකක්ද හදාගන්නේ…?
ජීවිතේ වැරදුනු තැනක් හදාගන්න ලැබුණොත් උසස් පෙල මම කළේ ජීව විද්‍යා අංශයෙන්.. පස්සේ මම ඒක අතහැරලා කලා විෂය ධාරාවෙන් කරන්න හිටියා.. හැබැයි කරන්න බැරිවුණා.. මට පුළුවන්නම් මම ආපස්සට ගිහින් ඒ අධ්‍යාපනය සාර්ථකව නිම කරනවා.

මොනවද ඉදිරි බලාපොරොත්තු…?
රංගන ශිල්පියෙක් විදිහට ලස්සන දෙයක් බලාපොරොත්තු වෙනවා.. ඒ වගේම මගේ ගායනය මම අතහරින්නෙත් නෑ.. මගේ සංගීත කණ්ඩායමක් තියෙනවා.. ඒ වැඩ ටික ඉදිරියට කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!