Gossip

විවාහ මංගල උත්සවයට ආපු හැමෝටම ලබාදෙන සමරු සටහන වෙනුවට පළතුරු පැලයක් තෑගි දීපු අපූරු මංගල යුවළ – Photos

මංගල දිනය කියන්නේ ආදරණීය යුවළකට ජීවිතේ අමතක නොවන දවසක්.
ඒ දවස හැමදාමත් මතකයේ තියාගන්න සමහරු හරි අපූරු අපූරු දේවල් කරනවා.
සමහරු ලක්ෂ ගණන් වියදම් කරලා මංගල දින සමරද්දි තමන්ගේ මංගල දිනය දවසේ මේ සමාජයට සේවයක් කරන්න හිතනවා කියන්නේ ඒක මිල කරන්න අමාරු දෙයක්.
ඒ විදිහට වෙනස්ම විදිහට වෙඩින් එකට එන අයට තම ශ්‍රමයෙන් සකස් කළ පැලයක් සමරු සටහනක් විදිහට දීපු අපූැරු මංගල උත්සවයක් ගැන නාරම්මල පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
පසුගිය පස්වැනිදා නාරම්මල හෝටලයකදි මේ මංගල උත්සවය පවත්වා තිබුණා.
නාරම්මල පදිංචි නාමල් සේනානායක තමයි මේ අපූරු මනමාලයා. ඔහුගේ අතගෙන තිබුණේ මධුෂානියි.. වසර දෙකක පමණ ඉදන් මේ මංගල දවසේ මෙවැනි වෙනස්කමක් කරන්න ඔවුන් හිතාගෙන ඉදලා තියෙනවා.
ඒ ගැන ඔවුන් මේ විදිහට හඬ අවදි කරලා තිබුණා.

මේ හැමදේම වයිෆ්ගේ අතින් තමයි කෙරුණේ. එයා තමයි මේ හැමදේම ඩිසයින් කළේ. කවරේ හදලා බෑග් එක හදලා හැමදේම කළේ එයා තමයි. අපි දෙන්නම මැංගුස්වලින් ඇට අරගෙන පැලකරලා අවුරුද්දක් වගේ කාලයක් පැල කරලා තියාගෙන තමයි මේක කරගත්තේ.
පැල හදලා ඉවරවෙලා හැමෝටම දෙන්න ඕනේ කියන අදහස වයිෆ්තෙමයි. අපි අපේ විවාහ උත්සවයට 500 කට ආරාධනා කරලා තිබුණා. ආපු හැමෝටම අපි පැල බෙදා දුන්නා. මැංගුස්, පැණි වරකා, දෙළුම්, වගේ පැල තිබුණා.
වයිෆ්ට ඕන වුණේ අපි අතින්ම පැල හදලා දෙන්න.. මේකට අපි අවුරුදු දෙකක් විතර මහන්සි වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!