Gossip

“මගේ වැඩවලට මගේ සැමියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මාව ප්‍රසංග වේදිකාවෙන් බිමටම වැටුණා” – Photos

සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින ගායිකාවක් විදිහට නදිනි ප්‍රේමදාසව හදුන්වන්න පුළුවන්.
නදිනි දැන් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක්.
මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක පලවූ ලිපියක්.

කොහොමද නදිනි සිංහල අලුත් අවුරුද්ද හොඳට සැමරුවාද…?
ඔව්… ඔව්… මේ සිංහල අලුත් අවුරුද්ද අපි හොඳට සැමරුවා. පුතායි දුවයි ඉන්න නිසා ඒ දෙන්නත් එක්ක තමයි ඒ අවුරුද්ද සැමරැවේ.
කොහොමටත් මට ඉස්සර ඉඳන්ම අවුරුද්දේ ආසම කාලය තමයි සිංහල අලුත් අවුරුදු කාලය.
අපි ඒකට සූදානම් වෙන්නේ මාසයකට විතර කලින්නේ. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්දෙත් එහෙම තමයි.

සිංහල අලුත් අවුරුදු කාලෙට අපේ රටේ ඉන්න කලාකරුවන්ට කලාකාරියන්ට හරිම කාර්යබහුල කාලයක්. විශේෂයෙන් ගායක ගායිකාවන්ට. නදිනිටත් ඒ කාර්යබහුල කමේ අඩුවක් නම් නැහැ වගේ…?
ඔව් අනේ… මේ කාලේම එකදිගට ප්‍රසංග වේදිකා තියෙනවා. අවුරුදු කාලේත් අපි ගොඩාක් කාර්යබහුල වෙනවා.
ප්‍රසංගවලට ගොඩාක් ඇරයුම් ලැබෙනවා. ඉතින් අප්‍රේල් මාසය කියන්නේ ගොඩාක් වෙලාවට අපි නිදි නැති මාසයක්.
මේ අවුරුද්දෙත් එහෙමම තමයි. එකදිගට ප්‍රසංගවලට සහභාගි වෙනවා.

විදෙස් ප්‍රසංගවලට සහභාගී වුණේ නැද්ද…?
කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒත්… ලංකාවේ බාරගත්තු ප්‍රසංග නිසා ඒ කිහිපයක්ම අතහැරලා දමන්න සිද්ධ වුණා.
හැබැයි එක ප්‍රසංගයකට මම සහභාගී වෙනවා. එදා දවසේ උදේ අබුඩාබි ගිහින් ඒ ප්‍රසංගයට සහභාගී වෙලා පසුවදා උදේන්ම ආයෙත් ලංකාවට එන්න ඕනේ. ඒකටත් හේතුව තමයි ලංකාවේ බාරගත්තු ප්‍රසංග තියෙන නිසා.

කාලයක් නදිනි නැති ප්‍රසංග වේදිකාවක් නැති තරම්. දැන් ඉස්සර තරම් නදිනි ප්‍රසංගවලට සහභාගී වෙන්නේ නැහැ නේද…?
ඉස්සර වගේ නෙමේ ප්‍රසංග බාරගද්දී මම දැන් මගේ චූටි දෙන්නා ගැන හිතන්න ඕනේ.
ඒ නිසා එක දවසට ප්‍රසංග තුන හතර බාර ගන්නේ නැහැ. ඉස්සර නම් සමහර අලුත් අවුරුදු කාලවලට මම ප්‍රසංග පහ හහක පවා සින්දු කියලා තියෙනවා.
දැන් එහෙම ගොඩාක් බාරගන්නේ නම් නැහැ.
හැබැයි මගේ වැඩවලට මගේ සැමියා වගේම මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
මගේ අම්මා හැමවෙලේම මගේ බබාලා දෙන්නව බලනවා. මම ප්‍රසංගවලට ගියාම අම්මා තමයි ඒ දෙන්නව බලන්නේ. ඉතින් වැඩ බාර ගනිද්දී දැන් ඒ දෙන්නා ගැනත් හිතනවා.

දැන් නදිනි දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් කොහොමද ඒ ජීවිතේ…?
ඒ ජීවිතේ ඇත්තටම හරිම සුන්දරයි. ඒ දෙන්නා එක්ක කාලය ගෙවෙද්දී අපිත් අපේ ළමා කාලයට යනවා වගේයි මට නම් හිතෙන්නේ. මගේ ලොකු පුතාට දැන් වයස අවුරුදු හතරයි. එයාගේ නම ආර්යන්. දෙවැන්නා චූටි දුවෙක්. එයාගේ වයස අවුරුද්දයි මාස තුනයි.
එයාගේ නම ආර්යානා. ඉතින්… වැඩිපුරම මගේ දැන් දවස ගෙවෙන්නේ ඒ දෙන්නත් එක්කම තමයි.

නදිනි ප්‍රසංග වේදිකාවේ දී දවසක් ඇද වැටුණා… කියලා ආරංචියි…?
අනේ ඔව්… අනේ… ප්‍රසංග වේදිකාවේදී නම් අමතක නොවන සිදුවීම් ගොඩාක් වෙලා තියෙනවා.
ඒ අතරින් සිද්ධ වෙච්චි දෙයක් තමයි ඔය. එක දවසක් මම ප්‍රසංගයකට ගිහින් මගේ නම කියලා කතා කරද්දී මාත් ප්‍රසංග වේදිකාවට නගින්න යද්දීම මාව ප්‍රසංග වේදිකාවෙන් බිමටම වැටුණා.
ඒක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම ඊට පස්සේ නැගිටලා කොහොම හරි ගිහින් සින්දු කිව්වා.
හැබැයි සින්දු කියලා වේදිකාවෙන් බහින්න හදද්දී තමයි මට වේදනාව ලොකුවට දැනුණේ. එදානම් ඇත්තටම මට රිදුණා වගේම මම ගොඩාක් බය වුණා.
හැබැයි කොහොම හරි සින්දුත් කිව්වා.

පසුගිය දවස්වල අලුත් අවුරුදු උත්සවවල ආරාධිත අමුත්තිය විදිහටත් සහභාගී වෙන්න නදිනිට හැකි වුණා නේද…?
ඔව්… ආරාධනා නම් ගොඩාක් ලැබෙනවා. අවුරුදු උත්සවවලට වගේම ආයතනවල තියෙන උත්සවවලටත් ආරාධනා ලැබුණා.
හැබැයි ඒ ගොඩාක් උත්සව බාරගන්න බැරි වුණා. පුළු පුළුවන් විදිහට නම් මම ඒවාටත් සහභාගී වුණා.

ප්‍රසංගවලදී වැඩිපුරම ගායනා කරන්නේ ඔයාගෙම ගීතද එහෙමත් නැත්නම් ප්‍රවීණ ගායිකාවන්ගේ වෙනත් ගීතද…?
නැහැ… මම ප්‍රසංග වේදිකාවේ නම් දැන් ගායනා කරන්නෙම මගේ ගීතම තමයි. වෙන අයගේ ගීත ගායනා කරන්න කියලත් මට බොහෝ ඉල්ලීම් තියෙනවා. මම ඒවා නම් ගායනා කරන්නේ නැහැ. හැබැයි ප්‍රසංග වේදිකාවේදී සමහරු මගෙන් NONSTOP ගීත එකතුවකුත් ඉල්ලීම් කරනවා. ඒ වෙලාවට කිව්වට මම ප්‍රසංග වේදිකාවේ ගීත විදිහට ගායනා කරන්නේ මගේ ගීතම තමයි.

කොහොමද ගෙවුණු සිංහල අලුත් අවුරුද්ද…?
සිංහල අලුත් අවුරුද්ද හොඳයි. ආසාවෙන් ඒක සැමරැවා. මොන දේ තිබුණත් ඒ චාරිත්‍ර වාරිත්‍ර ගෙදර කළා. කෑම බීම කිහිපයක්ම ගෙදරදීත් අපි හැදුවා. ඒ දවස් දෙකේ අපි ගෙදරම තමයි වැඩිපුර හිටියේ. හැබැයි ඉතින් ඊට පස්සේ දිගටම කාර්යබහුලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!