Gossip

Mrs. World කිරුළ මෙවර ලංකාවට..

හැමෝම දන්න දෙයක් තමයි හැම අවුරුද්දකම ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව තෝරන තරඟයක් තියනවා Ms. world කියලා. ඒ වගේම තවත් තරඟයක් හැම අවුරුද්දකම පැවැත්වෙනවා විවාහක ලෝක රූ රැජින තොරන්න Mrs.World කියලා. පහුගිය දවසක ලංකාවෙන් මේ තරඟය සදහා විවාහක කාන්තාවක් තියුණු තරඟයකින් තෝරාගනු ලැබුවා. ඒ මහේෂි මධුෂංකා. නමුත් හදිසියේම දැනගන්න ලැබුණා කිසියම් හේතුවකට ඇයගේ මිස් ශ්‍රී ලංකා කිරුළ අහිමි කරනු ලැබු බව. පසුව Mrs .Sri Lanka to Mrs. world තරඟය සඳහා Caroline Jurie ඉදිරිපත් වෙලා තිබුණා. ඇමරිකාවේ ලාස් වේගස් හී 23 වන වතාවට පැවති මිසිස් වර්ල්ඩ් රූ රැජිණ කිරුළ දිනාගැනිමට වාසනාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ Caroline Jurie සමත්වුණ බවට අපට දැනගන්න හැකිවුණා. 1984 දී ආරම්භ වූ මෙම තරඟයෙහි ප්‍රථම Mrs. world කිරුළ දිනාගන්න වාසනාව හිමිවුණේද ලංකාවේ රෝසී සේනානයක ටයි. මෙම කිරුළට ලංකාව හිමිකම් කියන දෙවන අවස්තාව මෙය වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!