Gossip

ලංකා මාතාව බබළවන්නට ඇමරිකාවට ගිය ආසියාවේ කලු සිංහයා – Photos

ශ්‍රී ලංකේය කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්මි ස්ටර් ඇන්ඩි මිස් ඇට්ලස් ඇන්ඩ් ෆිට්නස් එක්ස්පෝ – 2017 තරගාවලිය සහභාගී වීම සඳහා නොවැම්බර් මස 26 වැනි දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පුහුණු සැසිවාරවලට සහභාගී වෙමින් සිටිනවා.

ඔහුගේ පළමු තරගයට දෙසැම්බර් 9 වැනිදා පෙ.ව. 10 ට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

එදිනම ඇමරිකානු වෙලාවෙන් ප. ව. 3ට ඔහු අවසන් මහා තරගයට සහභාගී වන අතර මෙය ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දෙසැම්බර් 10 වැනිදා ප.ව. 3.30ට www.gboonline.com වෙබ් අඩවිය ඔස්සේ නැරඹීමේ හැකියාව පවතිනවා.

අපේ රටේ කාය වර්ධන ක්‍රීඩකයෙක් ඇමරිකාවේ පැවැත්වෙන දැවැන්තම කායවර්ධන තරගාවලියකට සහභාගීවන ප්‍රථම අවස්ථාව මෙය ලෙස හැදින්විය හැකියි.

මෙම තරගාවලිය සඳහා ඇමරිකාව ඇතුළු ලොව රටවල් 8ක ලෝක පූජිත කායවර්ධන ශූරීන් සහභාගී වනු ඇත.

2017 ආසියානු සමස්ථ කියවර්ධන ශූරතාව දිනූ “ආසියාවේ කලු  සිංහයා” නම් විරුදාවලිය ලත් ලූෂන් කායවර්ධන ශූරයකුට ජීවිතයේ ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවක් වන 8 වතාවක් Mr. Olympia ලෙස අභිෂේක ලත් රොනි කෝල්මන් නමැති ලෝක පූජිත කායවර්ධන ශූරයාගේ Metroflex කායවර්ධන මධ්‍යස්තානයෙහි කායවර්ධන අභ්‍යාල වල නියැලීමටද අවස්ථාව සැලසී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!