Gossip

“සංගීත උපාධිය ගත්ත ලෝකයේ ප්‍රථම හිමිනම වෙන වාර්තාව තියනවා කිව්වා“ ඇතින්නකගේ පහර දීමෙන් අපවත්වූ හිමිනමගේ කතාව

පෙරහැරට රැගෙන ආ ඇතින්නක් පහරදීමෙන් සාමනේර හිමිනමක් අපවත් වීමේ පුවතක් ඉකුත්දා කටාන ප්‍රදේශයෙන් වාර්තා වුනා.

මෙලෙස අපවත් වූයේ 26 හැවිරිදි කරබේ රාහුල නමැති හිමිනමක්.

පෙරහර සමග උන්වහන්සේ ගමන් කරමින් සිටිය දී නොසිතූ ලෙසින් ඇතින්නියක් කුලප්පු වීමෙන් පසු පෙරහැරේ ගමන් ගත් පිරිස් කලබල වී දුවන්ට වූ අතර එහිදී බිම ඇද වැටුණු හිමියන්ගේ පපු පෙදෙස මෙම අලියා විසින් පාගා දැමූ බව වාර්තා වේ.

එම අපවත්වීම සම්බන්ධයෙන් ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති පූජ්‍ය කරාබේ සුමන හිමියන් මෙලෙස ප්‍රකාශකලා.

” මගේ පන්සලේ හිටපු කීකරුම නිහතමානීම හිමිනම තමයි රාහුල. මට මේ වේදනාව දරාගන්න අමාරුයි. රාහුල මට කිවුවා ලොකුහාමුදුරුවනේ මම කොහොමහරි සංගීතය ඉගෙන ගන්නවා කියලා. සංගීතයට උපාධිය ගත්ත ලෝකයේ ප්‍රථම හිමිනම වෙන වාර්තාවත් තියනවා කියලා නිතරම කිවුවා. රාහුලට වෙච්ච දේ මට දායක මහත්තයෙක් කිවුවා. මම යනකොට රාහුලට ඇතින්න පහර දීලා. රාහුලගේ සිවුරත් ඇදලා දාලා තිබ්බේ. ඇතින්න දනිස්ස නවලා ඉහ තද කරලා ආයේ ඇතින්නගේ දකුණු කකුලෙන් රාහුලගේ පපුව පාගලා තිබ්බා. පිටින් තුවාල මුකුත් නෑ. අපි මීගමුව රෝහලට රාහුලව අරන් ගියා. වෛද්‍යවරුන් කිවුවා පොඩි හාමුදුරුවන්ගේ පපුව පුපුරලා බඩවැල්වටත් හානිවෙලා කියලා. මම රාහුලව අතගාන ගමන් පිරිත් දේශනා කලා. ඒත් මට තේරුනා රාහුලගේ බඩ ඇතුලට ලේ ගලනවා කියලා. සාමනේර කාලේ ඉදලම රාහුලට හොදට කවිබණ කියන්න පුළුවන්. එයා කවිබණ කියලා බෝධිපූජා තියන්න හරි කැමතියි” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාකලා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!