Gossip

“දරුවන් කෝච්චියේ හැපුනාම උස්සනවත් කවුරුත් ආවේ නෑ” – සෙල්ෆි නිසා දුම්රියට බිලිවූ සහෝදරයන්ගේ මිත්තණිය කියන සංවේදී කතාව

සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් කොල්ලුපිටිය දුම්රියපළ ආසන්නයේදී දුම්රියට බිලිවූ සහෝදරයන් දෙදෙනෙකු පිළිබදව ඉකුත් දිනදා තොරතුරු වාර්තා වුනා.

එය වඩාත් සංවේදී වූයේ මරණ පිළිබදව ඔවුන්ගේ මිත්තණිය කළ ප්‍රකාශයයි.

” කෝච්චිය එන බව කියමින් චූටි පුතාට මා කෑ ගැසුවා. ඉන් පසුව චූටිපුතා එකවරම රේල්පාර හරහා පැන නැවතත් අයියා සිටින පැත්තට පැන්නා. එන්න එපා යැයි කියමින් මල්ලි බේරා ගැනීමට ශෂී පුතා පනිනවාත් සමගම දෙදෙනාම කෝච්චියේ හැප්පුනා” යැයි ප්‍රකාශකලා.

” පොඩි පුතා තමයි ෆොටෝගමු කියලා අයියට කිව්වේ. පසුව වාහනය නතරකරමු කියලා ෆොටෝ ගත්තා. අපි ඒත් කැමති වුනේ නෑ. එතකොට වෙලාව හවස 5.45 විතර ඇති. ළමයි දෙන්නා කෝච්චියේ හැප්පුනාට පස්සේ ටික වෙලාවක් යනකල් කවුරුත් ආවේ නෑ එයාලව රෝහලට එක්ක යන්නවත්. එයාලා එතන වැටිලා හිටියා. ලොකු පුතාගේ කකුල වෙන්වී තිබ්බා. එම කකුල මමම උස්සලා ත්‍රීවිල් එකකට දැම්මා. මේවා අම්මට තියා ආච්චි අම්මටවත් දරාගන්න බෑ. පොඩි පුතාගේ හිස තිබ්බේ නෑ. අම්මයි තාත්තයි ඒ දිහා බලලා ඇඬුවා. වැලපුනා.
යැයි ප්‍රකාශ කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!