Gossip

කට්ටිය කියන දේවල් අහලා වැඩ කරන්න ගියොත් මට වැඩක් කරන්න වෙන්නෙ නැහැ – මියැසි කියපු අමුතු කතාව මෙන්න

මියැසි සන්දීපනී කියන්නේ නිරූපන ක්ෂේත්‍රයෙන් රසික හදවත් දිනාගත්තු චරිතයක්.
පසුව ඇය මියුසික් වීඩියෝවලිනුත් ජනප්‍රියත්ව්යට පත්වුණා.
ඉතිං ඇයගේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

මේ දිනවල දකින්න නැත්තේ ඇයි?
ගෙදර තමයි හිටියේ. ඒකයි මේ දවස්වල වැඩිය පේන්නනැත්තේ. ටෙලිනාට්‍යයක වැඩ කටයුතු කළා, නමුත් ලොකුවට වැඩක් කළේ නැහැ.

ඒ කියන්නෙ නිරූපණයෙන් සහ රංගන කටයුතුවලින් ඈත්වෙලාද?
එහෙම නැහැ. හැම වැඩේම කරන්නේ නැහැ. ඒ නිසා තෝරාබේරාගෙන වැඩ කරද්දි ටිකක් අඩු ප්‍රමාණයෙන් තමයි වැඩ කරන්න පුළුවන් වෙන්නේ.

ක්‍ෂේත්‍රයට ඇවිල්ලා කොච්චර කල්ද?
දැනට අවුරුදු තුනක් විතර වෙනවා.

ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. අලුත් දේවල් නිර්මාණය වෙනවා. දියුණුවක් තියෙනවා ඉස්සරට වඩා. හරියට කරන්නෙ නැතුව කරන්නම්වාලේ හැමෝම කරනවා. එතකොට නම් ටිකක් අවුල්. ඒ වුණත් කමක්නැහැ කියලා හිතෙනවා. එහෙම දේවලුත් තියෙන්න ඕනනේ

ඔබ දායක වූ මියුසික් වීඩියෝවක් සඳහා ප්‍රතිචාර වගේම අනෙක් පැත්තෙන් දෝෂාරෝපණත් ආවා නේද?
දෝෂාරෝපණ නම් ගොඩක් ආවා. හැබැයි මම කළේ නිර්මාණයක්නෙ. මම ඒකෙ රඟපෑවා විතරයි. කට්ටිය කියන දේවල් අහලා වැඩ කරන්න ගියොත් මට වැඩක් කරන්න වෙන්නෙ නැහැ.

ෆේස්බුක් තුළින් නේද ඔබව බොහෝ දෙනෙකු හඳුනා ගත්තේ?
මට නම් ෆේස්බුක් තුළින් මගේ ගමන හදාගන්න පුළුවන් වුණා. නමුත් අද ෆේස්බුක් එකේ මොනවා හරි දාලා හිට්වෙන්න බලන ගොඩක් අය ඉන්නවා. මම දැකලත් තියෙනවා. ඒ අය කරගන්න දේවල්වලින් ඒ අයගේම චරිතයට තමයි හානි වෙන්නේ. ඒ අයගේ කැමැත්ත ඇතුවනේ ඒ දේවල් කරන්නේ. ඒ අයගේ ජීවිතයට සහ චරිතයට තමයි මේ දේවල් බලපාන්නෙ.

රංගනය ගැන ඉදිරි බලාපොරොත්තු?
රංගනය සහ නිරූපණය කියන දේවල්වලට වඩා වෙනත් දෙයක් මම කාලය යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ රැකියාවක් කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉගෙනීමේ කටයුතු කරන අතරතුර ඒ දේවල් ගැන පොඩ්ඩක් හිතන්නත් මම හිතුවා. රඟපෑමට වඩා ඉගෙනීමටයි, රැකියාවටයි මුල්තැන දීලා කටයුතු කරන්න හිතනවා.

ඇයි රැකියාවක් සඳහා යොමුවෙන්න හිතුවේ? කලාව වෘත්තියක් ලෙස කරන්න අමාරුද?
එහෙම දෙයක් නෙමෙයි. නමුත් නිරූපණය කියන දේ මත්තේ හැමදාම ඉන්න බැහැ. අපි රඟපෑවත් හැමදාම රඟපාන්න බැහැ. ක්‍ෂේත්‍රයට අලුත් අය එනවා. එහෙම වෙද්දි පරණ කට්ටිය ටිකෙන් ටික ක්‍ෂේත්‍රය තුළින් ඉබේම ඉවත් වෙනවා. ඒ නිසා ස්ථාවර ආදායමක් තියෙන්න ඕන ඕනෑම කෙනෙකුට. අනික මගේ හීනෙ තිබුණෙත් නිළියක් වෙන්න නෙමෙයි. ඒක නිසා මම දැනට අවුරුදු තුනක් ක්‍ෂේත්‍රය තුළ හිටියා. හොඳ නිර්මාණ කළා. මට දැන් ඇති කියලා හිතනවා. මම නතර කරනවා කියලා කියන්නේ නැහැ. මූලික තැන දෙන්නේ මගේ අධ්‍යාපනයට සහ රැකියාවට තමයි.

ඇයි සිනමාවට යොමු නොවුණේ? කැමැත්තක් නැද්ද ඒ පැත්තට?
කැමැත්තක් නැත්තෙ නැහැ, කැමැතියි. ඒත් ඉතිං හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණේ නැහැ. ලැබුණු ගොඩක් ආරාධනාවලට මගේ පෞද්ගලික හේතු නිසා දායක වෙන්න බැරිවුණා. ආපසු හොඳ නිර්මාණයක් සඳහා ආරාධනා ලැබුණොත් බාරගෙන කරනවා.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
මගේ රැකියාව සහ ඉගෙනීමේ කටයුතු කරගෙන හොඳින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ජීවිතයේ ලොකු බලාපොරොත්තු නැහැ. පොඩි පොඩි දේවල් සාර්ථක කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

උදව් කරපු පිරිස ගැන මතක් කළොත්?
මට හැමදේටම උදව් කළේ මගේ අම්මා, තාත්තා, අයියා, අක්කා ඇතුළු පවුලේ හැමෝමයි. මේ හතර දෙනා මගේ හැමදේටම එදා ඉඳන් ළඟ හිටියා. ඉස්සර ෂූටින් ගියේ තාත්තා හරි අම්මා එක්ක හරි තමයි. දැන් තනියෙම යනවා. පවුලේ අයට ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕන. ඊට පස්සේ හොඳ නිර්මාණවලට මාව දායක කරගත් හැමෝටම ස්තූති කරනවා. මට හොඳ කිව්ව, බැණපු හැමෝටමත් ස්තූතියි කියනවා. මොකද එයාලා හින්දා තමයි මම මොකක් හරි තැනක ඉන්නවා නම් ඉන්නෙ. ඊට අමතරව මේ ගමනට එන්න අතහිත දුන් වචනයකින් හරි ශක්තියක් වුණු හැමෝටම ස්තූති කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!