Gossip

Mister ocean international 2018 තරඟයේ talent round සහ photogenic තරඟයේ ලකුණු ලබා දීමේදී විනිවිද භාවය ලොවටම පෙන්වයි.

ශ්‍රී ලංකාවේ පවත්වන අති දැවැන්තම ජාත්‍යන්තර මට්ටමේ නිරූපන තරගාවලිය එළඹෙන ජූනි මස 16 වැනිදින කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම්.

පී. ඩී. එන්ටර්ටේට්මන්ට් ආයතනය විසින් සංවිධානය කර පවත්වන මෙම තරගාවලිය Miss Tourism SriLanka to Miss Tourism World 2018, Mister Ocean SriLanka to Mister Ocean International 2018, Global Charity Queen 2018 සහ The Young Beauty of SriLanka 2018 ලෙස නම් කර තිබෙනවා.

පසුගිය 28 වනදා එහි Talent Round එක ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සංචාරක අමාත්‍යාංශයේද අනුග්‍රහකත්වය අතැතිව සංචාරක අමාත්‍යංශයේ රංගන ශාලාවේදී පැවැත්විණි.

එහිදී සුවිශේෂී සිදුවීමනම් මෙම තරඟයන් හී ලකුණු ලබා දීමේදී ඉතාමත් විනිවිද භාවයකින් යුතුව සිදුකරලීමයි.එය පහත ජයාරූප බලන්නෙක්ට මනාව පැහැදිලි වේ.මෙම ජාත්‍යන්තර තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල අයිතිය හොබවන පී.ඩී. එන්ටර්ටේට්මන්ට් ආයතනයේ අධිපති වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටින්නේ තමා මේ කරනාවූ තරගාවලිය නිසි ඇගයීමක් අනුව ජය පරාජයන් තීරණය කරන බවත් මෙය සංචාරක ව්‍යාපාරයේ කිසියම් දිරි ගැන්වීමකට මෙය පිටිවහලක් කරගන්නා බවත්ය.

මේ අවසන් මහා තරගය සඳහා දෙස් විදෙස් කීර්තිමත් නිරූපන ශිල්පීන් සහ ශිල්පිනියන් මෙන්ම නලු නිලියන් ඇතුළු IPl දිරිගන්නන් සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ද සිංගප්පුරුවේ දක්ෂ කළාකරිනියන් ද ඇමරිකාවේ සහ යුරෝපයේ අතිදක්ෂ ජාත්‍යන්තර මට්ටමේ මෝස්‌තර නිරූපණ ශිල්පිනියන්ද එමෙන්ම ලාංකීය ජෙෂ්ඨ කළාකරිනියන් සහ කලාකරුවන්ගේද සහභාගිත්වය සිදුවේ.

   

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!