Gossip

සියල්ල සංගාට භාර දෙන්න එජාපය තීරණය කරයි – ඓතිහාසික තීන්දුව මෙන්න

මේ දවස්වල වැඩි වැඩියෙන් කතාවෙන මාතෘකා දෙකක් තමයි ක්‍රිකට් සහ දේශපාලනය කියලා කියන්න‌නේ.

ඉතින් අද උදෑසන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී පක්ෂයේ ඉදිරි ගමන ගැන වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැනත් කතාබහක් ඇති වෙලා තියෙනවා.

මේ අවස්ථාවේදී රංජන් රාමනායක සහ නවීන් දිසානායක යන අමාත්‍යවරුන් ක්‍රිකට් ගැන අදහස් දක්වලා තිබුණා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා ඇත්තේ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ වුණා කියලය.

කොහොමවුනත් අදාළ රැස්වීමේදී කිව්වේ ක්‍රිකට් පරිපාලනයට ව්‍යාපාරිකයන් සහ බුකිකරුවන් නැතුව ක්‍රිකට් වලට ඇත්තටම ආදරය කරන පුද්ගලයින් පත් කරන්න ඕන කියලා.

කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි වගේ ක්‍රිකට් වලට ආදරය කරන අය ඒකට ගොඩක් සුදුසුයි කියලා එහිදී යෝජනා වෙලා තියෙනවා.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය වුණේ ක්‍රිකට් නිලවරණයකින් හරි අතුරු පාලක කමිටුවකින් හරි ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බාර දෙන්න ඕන කියලයි.

අගමැතිතුමා කිව්වේ ලබන සඳුදා තියෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ යෝජනාව කරන්න කියලා.

එතනින් කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව ඉදිරිපත් කරන්නම් කියලා අගමැතිතුමා සඳහන් කරලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!