Gossip

“නිවේදන කටයුතු කළ විශ්ව ලංකා පුතා, තාත්තා කියලා නිතරම කතා කරද්දි ලොකු හැඟීමක් ආවා.” ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ Season 03 අනුශූරතාවය දිනූ මිල්ටන් මලවිආරච්චි

ඩයලොග් ප්‍රශංසා “දෙරණ 60 plus season 03  අවසන් මහා තරගයේ අනුශුරතාව හිමිවූයේ මිල්ටන් මලවිආරච්චි මහතාටයි.
ඔහු මේ ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ රියැලිටි වැඩසටහනට ආපු ගමන්මග ගැනත් ඒ ගමනට ශක්තියක් වුණු අය ගැනත් මිල්ටන් මලවිආරච්චි මහතා අපිට මේ විදිහට කිව්වා.

ලබපු ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?
කලාවට මම ලැදියි.. ගෙදරිනුත් බැනුම් අහගෙන කලා වැඩවලට සම්බන්ධ වුණු අවස්ථා තිබුණා..
මට කවුරුත් ඇගයීම් කරලා තිබුණේ නෑ කළින්. ඒත් දෙරණ නිසා මට හොඳ ඇගයීමක් ලැබුණා.
ඇත්තටම මට ලැබුණු ජයග්‍රහයණය ගැන මට කියාගන්න බැරි සතුටක් තියෙනවා.

ඔබේ රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනනම් කියන්න වචන නෑ.. ඔයා ඔය ලැබුවේ පළමු තැන කියලා මට හුගක් අය කිව්වා. ඇත්තටම මම අන්දමන්ද වුණා. ඔයා හරිම වාසනාවන්තයි.. ඔයා තමයි ලස්සනම. ඔන්න ඔහොම හැමෝම කිව්වා…
ෆේස්බුක් එකෙනුත් හොඳ ප්‍රතිචාර තියෙනවා.. විනිශ්චය මණ්ඩලය තමයි මාව මේ තැනට ගෙනාවේ.. දෙරණ කාර්ය මණ්ඩලයටත් මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ ජයග්‍රහණයට කලින් ගායන ක්ෂේත්‍රයට එන උත්සාහ කළේ නැද්ද?
මම ඩයලොග් ප්‍රශංසා දෙරණ 60 plus season 02 වටයෙත් 24 දෙනාට ඇවිත් අවුට් වුණා.
මේ සැරේ මම ගායනා කළේ සී.ටී. ප්‍රනාන්දු මහත්තයගේ ගීත. ඉතිං ඒක මට ආශිර්වාදයක් වුණා කිව්වොත් නිවැරදියි.
මම මහජන බැංකුවේ වැඩ කළේ. වේදිකාවේ මම ගීත ගායනා කරලා තියෙනවා.
ඒ හැම තැනදිම කවුරුත් ඉල්ලුවේ සීටී ප්‍රනාන්දු මහත්තයගේ සිංදු.

සිංදුවක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
සිංදු දෙකකටම පද මාලාවක් ලැබුණා. ඉදිරියේදී සිංදුවක් කරන්න බලාපොරොත්තු වෙනවා. කරන වැඩේ හරියට කරන්න ඕනනේ.. ඒ නිසා හොද නිර්මාණයක් එළියට දාන්න තමයි බලාපොරොත්තුව.
මට එකම ශක්තිය දෙරණ. සිංදුවක් කළාම කියන්න කියලා දෙරණ කාර්ය මණ්ඩලයත් කිව්වා.. ඒකම මට ලොකු හයියක්.

ඔබට ස්තූතියි කරන්න අය ඇති. මේ ඒකට අවස්ථාවක්.?
අපි වගේ වයසක අයට වේදිකාවට ගොඩවෙන්න අවස්ථාවක් දුන්නේ දෙරණ.
ඉතිං ඉස්සෙල්ලම දෙරණට ස්තූති කරන්න ඕනේ. ඒ වගේම පිටිපස්සේ ඉදන් ලොකු සහයෝගයක් දුන්නු දෙරණ කාර්ය මණ්ඩලයට, විනිසුරු මඩුල්ලට සංගීත කණ්ඩායමට මගේ ස්තූතිය පුදකරන්න ඕනේ.
ඒ වගේම නිවේදන කටයුතු කළ විශ්ව ලංකා පුතාටත් ස්තූති කරන්න ඕනේ.. ඒ පුතා ආ තාත්තා කියලා කිව්වම ලොකු හැගීමක් එනවා.. ඒක මම අනිවාර්යෙන්ම මතක් කළ යුතුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!