Gossip

අනියම් සබඳතාවෙන් උපන් දරුවාගේ ගෙල මිරිකා ගඟට දැමූ තිදරු මව…

මිස්‌කෝල් එකකින් හදිසියේ හඳුනාගත් යුද හමුදා සෙබළකු සමග අනියම් සබඳතා පවත්වා ඔහුට දාව උපන් දරුවා ඉපදුන මොහොතේ කුරිරු ලෙස ගෙල සිරකර මරා ගඟට දැමූ බව කියන (37) හැවිරිදි ඇඟලුම් සේවිකාවකට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණය හමුවේ මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා හමුවේ නඩු පවරා ඇයට අධිචෝදනා භාර ලදී.

ඇය වැලිමඩ පුහලගොඩ පදිංචි කේ. එම්. චන්ද්‍රවතී (37) නොහොත් නෝනේ නමැත්තියකි. 2010 අගෝස්‌තු මස 19 වැනි දින කටුනායක, කෝවින්නේ පිහිටි ඇඟලුම් සේවිකාවක්‌ රැඳී සිටින නේවාසිකාගාරයේ වැසිකිළියක්‌ තුළදී ඇය මැදියම් රැයේ තම දරුවා කිසිවකුගේ සහායක්‌ නොමැතිව බිහිකර ඇත.

නිරෝගී දරුවා ඇඬුවොත් මෙම සිද්ධිය පිළිබඳව නේවාසිකාගාරයේ සිටින අනෙකුත් ඇඟලුම් සේවිකාවන් විසින් දැනගනු ඇතැයි බිය වූ විත්තිකාර ඇඟලුම් සේවිකාව එම නොදරුවාගේ ගෙල අමානුෂික ලෙස සිරකර මරා දරාවාගේ සිරුර, අසල පිහිටි කෝවින්න ගඟට දමා ඇති බව විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.

එම ඇඟලුම් සේවිකාව තිදරු මවකි. ලොකු පුතාගේ වයස අවුරුදු 18 කි. ඇගේ සැමියා ඇය අතහැර යැමෙන් පසුව ඇය තම දරුවන්ට හොරා අනියම් ඇසුර පවත්වා ඇත. ඇය ගැබ්ගත් අවස්‌ථාවේ ඇය තම අනියම් පෙම්වතා සමග දරුවා ගබ්සා කිරීමට අවස්‌ථා ගණනාවකදී උත්සාහ කර ඇතත් අසාර්ථක වී ඇත. අධිචෝදනා භාරදීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවේ පසු වූ අවස්‌ථාවේ විත්තිකාරිය සුදුසු ඇපයක්‌ මත මුදාහරින ලෙසට විත්තියේ නීතිඥවරිය ඉල්ලා සිටියාය. ඒ අනුව විත්තිකාරිය රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප දෙකක්‌ මත අත්අඩංගුවෙන් මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!