තරු හුට පට

රජිත රඟපාන හැටි බලපු මම දැන් ඔහුත් සමඟ රඟපානවා – මේනකා මධුවන්ති

මේනකා මධුවන්ති සුන්දරත්වයත් දක්ෂතාවයත් එක් තැන් කොට ගත් ජනප්‍රිය නිළියක්. මේ දවස්වල මේනකා ‘නැතිබැරි ටාසන් ‘චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් රඟ දක්වනවා. ඒ රජිත හිරාන් (පිංපොං) සහ ටෙනිසන් කුරේ සමඟ.

ඔවුන් සමඟ ගෙවෙන රූගත කිරීම් අතරතුර මේනකා ලබන විනෝදය නම් සුළුපටු නැහැ. ඉල කැඩෙන්න හිනා යන දේවල්ම තමයි සිදු වන්නේ. දැන් රජිතත් සමඟ හරි හරියට මේනකා රඟපෑවට රජිතගේ රඟපෑම් මේනකා දකින්නේ පාසල් යන දවස්වල.

ඒ ගැන අපූරු කතාවක් අපිට දැනගන්න ලැබුණා.
‘ඒ දවස්වල ‘තට්ටු ගෙවල්‘ ටෙලි නාට්‍යයේ පිංපොං චරිතයට රජිත රඟපෑවේ අපේ නිවෙස අද්දරමයි.

මම ඒ වෙනකොට නවය දහය ශ්‍රේණිවල ඉගෙනුම ලබනවා.

පාසල නිම වී නිවෙසට පැමිණෙන කොට රජිත තට්ටු ගෙවල් නාට්‍ය යේ රූගත කිරීම්වල යෙදෙන හැටි දකිනවා. හරිම ආසාවෙන් තමයි නැරැඹුවේ.

දැන් වසර ගණනකට පස්සේ එදා රජිත රඟපාන හැටි බලපු මම ඔහුත් සමඟ රඟපානවා. ජීවිතේ මොනතරම් පුදුමද?

හරි පුදුම හමුවීම් තමයි සිදු වන්නේ. කියලා හිතෙන්නේ මේ වගේ දේවල් නිසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!