තරු හුට පට

ටෙලිවිෂණයේ මීළඟ උන්මාදය – අද රාත්‍රී 9.30 සිට….

ශී‍්‍ර  ලංකාවේ ටෙලිවිශන් පේ‍්‍රක්ෂකයන්ගේ ඉමහත් ප‍්‍රසාදයට පත් කොරියානු ටෙලිනාට්‍යන් වන  boys over flower  ඔබ වෙත ගෙන ආ  ටීවී දෙරණෙන් එවැනිම කොරියානු ටෙලිකතා මාලාවක්වන ”මෙලඩි ඔෆ් ලව්” සැප්තැම්බර් 21 වන අද සිට සෑම සතියේ දිනකම රාතී‍්‍ර 9.30 ට ටීවී දෙරණෙන් විකාශණය වීමට නියමිතයි.

පාසල් අධ්‍යාපනය නිමකරමින් තම වෘත්තීමය ගමන් මග ආරම්හ කිරීමට සැරෙසෙන තරුණ පිරිසක්, ඔවුන්ගේ හීන සැබෑ කර ගැනීමට දරන උත්සහයන් සහ ඒ වටා ඇති වන මත ගැටුම්, බිද වැටීම් පවුල් සබදතා ආදී වූ විවිධ තේමාවන් ඔස්සේ ඵැකදාහ දෙ කදඩැ කතා මාලාව ගොඩ නැගී ඇත. එකිනෙකට වෙන් වූ තමන්ගේ හීන හබා යන ඔවුන් අතර ඇති වෙන හැලහැප්පීම් හමුවේ ඔවුන් කාර්ය කරන ආකාරය  ඔස්සේ මෙය ගලා යයි. මෙහි ප‍්‍රධාන චරිතය වන්නේ ගුන් ඩුල්මි යන තරුණියයි. ඇගේ එකම හීනය වන්නේ ගායන තරුවක් වීමට. එය සැබෑ කර ගැනීමට දරන ප‍්‍රයත්නයන්  සහ මුහුණ පෑමට සිදුවන අභියෝග රාශියකි.මේ අතරතුර ඇයට හම්බෙන් මුණ ගැහෙන පාර්ක් හියොන් නම් තරුණයා සමග පෙමින් බැදේ. සංගීතය තම  ජිවිතයේ කොටසක් කර ගත් ඔහු,   දෙමාපිය බලපෑම මත එය අත හැර දමා පියා මෙන් නිතීඥවරක් වෙයි.

පාර්ක් හියොන් ඩුල්මිගේ සොහොයුරිය වන සුවිමිගේ  පාසැල් මිතුරකි. සුවිමි  හියෝන්ට ආදරය කරන අතර ඔවුන්ගේ තවත් මිතුරෙකු වන පෙයෝන් සුවිමිට ආදරය කරයි. මොවුන් එකිනෙකාගේ ඉරණම කෙබදු වේද? ඔවුන්ගේ හබා යන සිහින සැබෑ  කර ගනීවිද? ඔවුනොවුන් හට තමන්ගේ සිතැගි ආදරය හිමි කර ගැනීමට හැකිවේවිද ? මේ සියලූ දේ දැන ගැනීමට සැප්තැම්බර් 21 වන සදුදා සිට සතියේ සෑම දිනකම රාතී‍්‍ර 9.30 ට  ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන ඵැකදාහ දෙ කදඩැ කතා මාලාව නැරඹීම තුලින් ඔබට හැකිවේ.

ටනාකා තාරකී, සචිත්රක වීරසිංහ, සමීර ගුණතිලක, චේතනා කැටගොඩ, සම්පත් තුෂාර දයාවංශ, රම්‍යා  වනිගසේකර, ලාල් සරත් කුමාර, වසන්ති රංවල, ප‍්‍රසන්න ෆොන්සේකා, සේනානි විකමසිංහ, රාජසිංහ ලෝලූවාගොඩ, ධනුෂ්කා ජයරත්න, චමත් හසරංග, සීලරත්න සෙනරත්, අනෝජා වීරසේකර ආදී ප‍්‍රවීණ හඬ කැවීම් ශිල්පින් රාශියක් හඩ කැවීමෙන් දායකත්වය ලබා දෙයි.

LOGO-jpje

151IMG_0434 161IMG_0451 1706IMG_5477 IMG_5201

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!