Gossip

රාත්තල් 800කින් බර අඩු කරගත්ත කාන්තාව කියපු දේ

වසර 2008 දී රාත්තල් 1000ක බරකින් යුතු ගැහැනියක් ජීවතුන් අතර සිටින බව අමෙරිකාව පුරාම ප්‍රචලිත වූ පුවතක්.

ඇය අමරිකාවේ ටෙක්සාස් ප්‍රදේශයේ වාසය කල mayra rosales නම් කිලෝ 450ක බරකින් යුත් කාන්තාවකි.

ජීවිතය ගැන කලකිරීමට පත්ව සිටි ඇය සිය නැගණියගේ වරදක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට ඇත්තේ, නඩු තීන්දුව ඔස්සේ සිය නැගණිය වෙනුවට හිරබත් කෑමට ඉදිරිපත් වෙමින් බව පසු කලෙක පාපොච්චාරණය කරමින් කියා සිටිනවා.

ශරීරයේ බර දරා ගැනීමට අපහසු ඇය ගත කළ ජීවිතයට වඩා සිරබත් කෑම හොද යැයි ඇයට සිතෙන්නේ එබැවිනි.

මේ පුවතත් සමඟ එරට බොහෝ දෙනා මයිරාට උපකාර කරන්නට ඉදිරිපත් වී තිබෙන්න්නේ ඇගේ තරබාරු බව නැති කරගැනීමට සහය වෙමින්.

එම නිසාම 2011 වසරේ දී අමරිකානු වෛද්‍යවරු කෙට්ටු කිරීමේ සැත්කම් මාළාව ආරම්භ කරමින් පළමුව තෙල් තට්ටු ඉවත් කරමින් ගැස්ට්‍රික් බයිපාස් සැත්කම කරමින් බර ක්‍රමයෙන් අඩු කර තිබෙනවා.

තුවාල කැළැල් සුවවෙනවාත් සමඟම ක්‍රමවත්ව අත පය සොලවමින් ව්‍යායාම කරන්නට පෙළඹුණු මයිරාට සිය ආහාර රටාවේ ද වෙනසක් සිදුකරගන්නට වුණා.

“ඉස්සර මට හුගාක් බඩගිනි හැදුණා. මම අසීමිතව කෑවා. ඇත්තම කිව්වොත් ඒ කාලේ කන්න ජීවත් වෙනවායි කියා හිතු මම දැන් හිතන්නේ ජීවත්වෙන්නට ප්‍රමාණවත් තරම් කෑම ලැබුනාම ඇති කියලයි. ඇත්තම කිව්වොත් ඒ කාලේ මගේ පින්තූර බලද්දී මටම අදහගන්න බෑ. ශරීරයේ පෙනුම හරිම භයංකරයි. මගේ මුහුණ වුනත් ඒ පින්තූර වල මැලවිලායි තියෙන්නේ. මරණය බලාපොරොත්තුවෙන් දවස් ගෙවා දැමුවේ. මේ සැත්කම සාර්ථක වීම නිසා මට ජීවිතය ගැන බලාපොරොත්තු ලැබිලා. සැත්කම අවසානයේ මම ඇවිදින උපකරණයක් උපයෝගී කරගෙන හෙමින් ඇවිද්දා. දැන් මට ඇවිදින්න කිසිම උපකරණයක් නෑ. මම නැගණියගේ දරුවන් බලාගෙන හොඳින් ජීවත් වෙනවා. මේ වෙනකොට බර රාත්තල් 800කින් අඩු කරගෙන තියෙනවා. ඒ කියන්නේ කිලෝ 450ක බරක හිටපු මගේ දැන් බර කිලෝ 91යි. මට දැනෙන්නේ හිරෙන් නිදහස් වුණා වගේ හැගීමක්.”

මයිරාගේ මේ බර අඩු කරන්නට සමත් බටහිර වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂීත්වය පාදක කොට ගනිමින් වාර්තා චිත්‍රපටයක් ද නිර්මාණය වී තිබෙනවා.

සැත්කම සඳහා දායකත්වය සැපයු වෛද්‍ය යුනන් නව්සඩාරන් මහතා එම වාර්තා චිත්‍රපටය තුළ මයිරාගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිළිබඳ සහතික කර ඇත්තේ මෙසේයි.

“ඇය විස්මයජනක ලෙස රාත්තල් 800කින් බර අඩුකරගත්තා. ඇය තවත් කිලෝ කිහිපයකින් ශරීරයේ බර අඩුකරගන්න උත්සාහ කරමිනුයි ඉන්නේ. ඉතාම සතුටුයි කියන්න මේ වෙනකොට මයිරාගේ වකුගඩු, පෙණහළු, හෘදය වස්තුව ඇතුළු සියලු අවයව ඉතාම නිරෝගීව තිබෙනවා.”

මයිරා දැන් ජීවිතය ගැන හිතන්නේ වෙනස්ම ස්වරූපයකින් වන අතර, ඇය කියන්නේ අපේ ජීවිතයේ හැම දවසක්ම හරිම වැදගත් බවයි. ඉලක්කයක් තියෙනවා නම් අවසානය වනතුරු සටන් කරන ලෙසත් පවසන ඇය එය ක්‍රියාවෙන් ද ඔප්පු කර හමාරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!