Gossip

“සිඳු“ නාට්‍යයේ තෙරණි කියපු අමුතු කතාව

cvr

තෙරුණි කියන නම ඇහුණම කෙනෙක්ව මතක් වුණා නේද? ඒ නමින් මේ දිනවල ජනප‍්‍රිය එකම එක්කෙනයි. මේ ඉන්නේ ඒ තෙරුණි. ඇය සිඳු නාට්‍යයෙහි සිඳුගේ අක්කණ්ඩිය. මේ වන විට ඉහළ ජන ප‍්‍රසාදය දිනා ගනිමින් විකාශය වන සිඳු නාට්‍යහි තෙරුණි සිඳු තරමටම ජනප‍්‍රියයි. ඇතැම් විට හිතෙනවා මෑතකාලීනව චරිතයකින් මේතරම්ම ජනප‍්‍රිය වුණේ ඇයම ද කියලා.

මෙච්චර දේවල් තෙරුණි ගැන කිව්වට ඇයගේ ඇත්ත නම කිව්වේ නැහැනෙ.
මනීෂා චංචලා දොලූ‍කාර.

ඒ තමයි තෙරුණිගේ ඇත්ත නම.

ඒ නමින් ඔබව වැඩි දෙනෙක් දන්නේ නැහැනේ? නේද මනීෂා?
ඒක නම් ඇත්තම ඇත්ත අයියේ. මා දැන් ඉතින් වැඩි දෙනෙකු හඳුනන්නේ තෙරුණි කියලනෙ. බොහෝ අය අමතන්නෙත් එනමින් තමයි. මම ඉතින් කියන්නේ නැහැ ඒක මගේ ඇත්ත නම නෙවෙයි කියලා.
ඔබ ක්ෂේත‍්‍රයට එන්නේ ළමා නිවේදිකාවක විදිහට. ඒ ගැන මතක් කළොත්?
දෙදහස් හත වසරෙදියි මං මුලින්ම නිවේදනයට එන්නේ. ළමා නිවේදිකාවක විදිහට කඳුරට සේවයෙහි වැඩ කළා. කාලයක් ඔහොම ඉද්දී මට ගායන හැකියාවකුත් තියෙන නිසා දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහනට අයැදුම් කළා. ඒ ගායන අංශයෙන්. ඒකට මං සහභාගි වුණේ දෙදහස් අටේදී. එතකොට මං හත වසරේ හිටියේ. මං ඒ තරඟාවලියෙන් ඉදිරියටම ගියා. මං එයින් ඉවත් වුණේ ගායන අංශයෙන් හතරවැනි තැනට.

පසුකාලීන ඔබ නැවතත් දෙරණ හා එකතු වෙනවා නේද පුංචි සත්සර වැඩසටහනේ නිවේදනය කරමින්?

ඔව්. සාමාන්‍යයෙන් දෙරණ රියැලිටි වැඩ සටහනකට සහභාගි වෙලා ටැලන්ට් එකක් ඉදිරිපත් කළ කෙනෙකුව ඔවුන් ලෙහෙසියෙන් අත අරින්නේ නැහැ. ඉතින් මම කාලයක් නිවේදන කටයුතු කලා කියලා දැනගත්තාම දෙරණේ උප සභාපති ලක්සිරි වික‍්‍රමගේ මහතා මට ඔය වැඩසටහනට කතා කළා.

ඊට පස්සේ ඔබ රංගනයට එනවා?

මට ඒ අවස්ථාව දුන්නෙත් ලක්සිරි සර්මයි. ඔහු මට නිෂ්පාදක ජානක සිරිවර්ධන සර්ව හඳුන්වා දෙනවා. ඒ හරහා මට අවස්ථාව ලැබුණා ජානක සර් නිෂ්පාදනය කළ වස්සාන සිහිනය ටෙලි සිතුවමේ රඟපාන්න. මං එහි මනුෂා කියන චරිතය කළේ.

ඒ කියන්නේ සිඳු ඔබගේ දෙවැනි ටෙලි සිතුවම?

ඔව්. මට ලක්සිරි සර් කතා කරලා ඔය චරිතය දුන්නා. මේ වෙලාවේ සිඳු නාට්‍යයෙහි පිටපත් රචක සමන් එදිරිමුණි, අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස සහ සහාය අධ්‍යක්ෂ ප‍්‍රදීප් මානවඩු කියන තිදෙනාව ද මතක් කළ යුතුයි.

තෙරුණි නිසා ඔබ නොසිතූවිරූ අන්දමින් ජනප‍්‍රිය වෙනවා?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. මං හීනෙකින්වත් ඔතරම් ජනප‍්‍රියතාවයක් ලැබේවි කියලා හිතුවේ නැහැ. සමහර අවස්ථාවලදී ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක මං මෙතරම් ජනප‍්‍රිය ද කියලත් හිතෙනවා.

මේ වන විට තෙරුණි කියන චරිතයෙහි පින්තූර සමඟින් ෆෙස්බුක් හි විවිධ පිටු හරහා විවිධාකර වූ පෝස්ට් දකින්නට තියෙනවා?

මමත් ඒවා දැක්කා. හැබැයි ඒවාවල තියෙන සමහර දේවල් හරිම බොරු. මට හිනහත් යනවා ඉන් ඇතැම් පෝස්ට් දැකලා.

එවැනි පෝස්ට් එකක මං දැක්කා තෙරුණිගෙ හක්කෙ දත් නැහැ කියලත් දාලා තියෙනවා?
මගේ හක්කේ දත් තියෙනවා. ඒවා දැකපු නැති කවුරු හරි කෙනෙක් තමයි ඕක දාලා තියෙන්නේ.

ඔබට ෆෙස්බුක් ගිණුමක් තිබෙනවාද?

මේ වෙලාවේ අයියා ඔය ප‍්‍රශ්නය අහපු එක හොඳයි. මේ වන විට මගේ නම භාවිත කොට ෆෙස්බුක් ගිණුම් දෙක තුනක්ම තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා කියලත් කියන්න ඕනෑ. මගේ නමින් ෆෑන් පේජ් එකක්වත් නැහැ.

ඔබට මඩ ගහන අය ගැන මොකද කියන්න තියෙන්නේ?

අනේ කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් කියපුවාවේ. මට ඕවා අදාල නැහැ.

සිඳු නාට්‍යයෙහි රඟපාන්න ගිහින් වෙච්ච අමතකම නොවන සිදුවීම් මොනවද තියෙන්නේ?
මම හොල්මනකට බය වෙන දර්ශනයක් තිබුණා. මං ඒකට ඇත්තටම බය වුණා. ටිකක් නෙවෙයි හොඳටම බය වුණා. ඒ සිද්ධිය කවදාවත්ම අමතක වෙන්නේ නැහැ.

මනීෂාගේ ගම කොහෙද?

මං නුවර. හැබැයි වර්තමාන පදිංචිය කටුබැද්ද.

ඉගෙන ගත්තු පාසල?

ඉස්කෝල දෙකකට ගියා. මහනුවර ස්වර්ණමාලි සහ ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය.

පවුලේ විස්තර කියමු?

මගේ අම්මා ශාන්ති දොලකාර, තාත්තා පාලිත දොලකාර. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා.

මේ වන විට ඔබට තවත් නිර්මාණ සඳහා රංගනයට ඇරැුයුම් ලැබෙන්නට ඇති?
ඔව්. එත් මං සිඳු ඉවර වෙනකම් ඒවා බාර ගත්තේ නැහැ.

කලාවෙන්ම ඉදිරියට යන්නද මනීෂා හිතාගෙන ඉන්නේ?

මෙහෙමයි. රංගනයට වඩා මං ආස ගායිකාවක විදිහට ඉදිරිය දකින්න. ඒ පැත්තෙන් තව ඉදරිියට යන්න හිතාගෙන ඉන්නවා.

ඔබට තවත් සිහිනයක් තියෙනවා?

ඔව්. මං මේ වන විට දෙරණ නාළිකාවේ සහාය නිෂ්පාදිකාවක විදිහට වැඩ කරනවා. කවදා හෝ අධ්‍යක්ෂවරියක වීමේ සිහිනය මට තියෙනවා. මං ඉගෙන ගත්තේ ඒ වෙනුවෙන්.

සටහන – ප‍්‍රසාද් සමරතුංග

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!