Gossip

කෝටි ගාණක් වියදම් කරලා විවාහය අරගෙන එංගලන්තයේදී කොටු වුණේ ඇයි?

cvr

ලංකාවේ අය පිටරට ගිහින් කරන සමහර වැඩ නිසා අපේ රටේ නමත් සවුත්තු වෙනවා. ඒ වගේ පුවත් ගොඩක් පහුගිය කාලේ අපිට අහන්න දකින්න ලැබුණා.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. මේ තරුණයත් ශ්‍රී ලාංකික සම්බවයක් තියෙන කෙනෙක් . ඔහු ජීවත් වුනේ එංගලන්තයේ Lambeth කියන පැත්තේ.

ඔහු හිටපු ගමන් යුග දිවියට එළැඹුණා. ඒ වෙනුවෙන් මොහු විදයම් කරපු සල්ලි ප්‍රමාණය සුළුපටු නෑ. වයස 25ක් වුණු මේ තරුණයාගේ නම Kisok Thavarajah. ඔහු විවාහයට 400කට වඩා ආරාධනා කළා.

වෙඩින් කේක් එක වෙනුවෙන් ඔහු පවුම් 3500ක් (ලංකාවේ මුදලින් 625,000 පමණ) වියදම් කළා. සැරසිලි වලට පවුම් 20,000ක් ගියා. (ලංකාවේ මුදලින් 3,500,000 පමණ)

මොහුගේ විවාහයට ගිය සම්පූර්ණ වියදම පවුම් 100,000ක් කියලා තමයි ආරංචි. (ලංකාවේ මුදලින් 17,800,000 පමණ) විවාහය පැවැත්වුනෙත් ලන්ඩන් නුවර තරු පහේ හෝටලයක.

ඒත් මේ තරම් සල්ලි ඔහුට ආවේ කොහොමද කියලා ප්‍රශ්නයක් වුණා. පස්සේ තමයි මේ ගැන පොලිසියෙන් හොයන්න ගත්තේ. බැඳලා සතියක් ගියේ නෑ ඔහු පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ ATM එකකින් මුදල් වංචා කිරීමේ වරදකට.

දැන් ඉතින් තේරුම් ගන්න පුලුවන්නේ ඔහුට මේ තරම් සල්ලි ආවේ කොහොමද කියලා. මේ තමයි ලක්ෂ ගණන් වියදම් කරලා ඔහු විවාහය ලොකුවමට ගත්ත හැටි.

4

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!