Gossip

ප්‍රේක්ෂක සිහින සැබෑ කරමින් ලසිත් මාලිංග නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වන ලකුණු

ලසිත් මාලිංග ගැන පසුගිය දවස්වල නිතරම වගේ කතා වුණා.
ඒකට හේතුව තමයි මාලිංගට ජාතික කණ්ඩායමේ තැනක් නොලැබීම.
මාලිංගනම් මේකට කියලා තිබුණේ තරඟ නොදෙන්න තරම් හේතුවක් දන්නේ නෑ කියලයි.
හැබැයි මේකට ක්‍රිකට් ආයතනය කිව්වේ මාලිංගව විවේකගන්වනවා කියලයි.
කොහොම වුණත් ක්‍රිකට් ආයතනයේ ප්‍රබයින්ගේ කැපිල්ලක් මාලිංගට තියෙනවා කියලා කවුරුත් කතා වුණා.
මේ හැමදේම අස්සේ මාලිංගව නැවතත් පුහුණුවීම්වලට කැඳවා තිබෙනවා.
අපේ ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල පුහුණුවීම්වල නිරත වන්නේ නිදහස් කුසලානය ඉලක්ක කරගනිමින්.
මාලිංග අවසන් වතාවට ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයකදී ලංකාව නියෝජනය කරේ 2017 සැප්තැම්බර් 06 වැනිදා..
ඒ ඉන්දියාව එක්ක ප්‍රේමදාස පිටියේ තිබ්බ තරඟයකට.
පිතිකරුවන් භීතියට පත්කළ ලසිත් මාලිංග ආයෙත් පන්දු යවනවා බලන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සිහින දැක්කා.
අපිට හිතෙන්නේ ළඟදීම ඒ සිහිනය සැබෑවේවි කියලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!