Gossip

“හස්බන්ඩ් රට, මෙහෙ වෙන Boy friends ලා එක්‌ක රවුම් ගහනවා” – මහේෂි මධුසංකා

මහේෂි මධුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය රූමත් නිළියක්.
මහේෂි ගැන පසුගිය කාලේ විවිධ පුවත් හුවමාරු වෙන්න පටන් ගත්තා.
ඒ දේවල් ගැනත් අලුත් තොරතුරු ගැනත් මහේෂි සතිඅන්ත පුවත්පතපකට මේ විදිහට කියලා තිබුණා.

ඔබේ නිර්මාණ මොනවද මේ දවස්‌වල?
මම රඟපෑ අලුත්ම ටෙලිනාට්‍යයක්‌ විකාශය වීම ආරම්භ වෙනවා මේ සතියේ. ඒ වගේම මේ දවස්‌වල තවත් අලුත් ටෙලිනාට්‍යක රූපගත කිරීම් සිදු කෙරෙනවා.

නර්තනයෙන් දුරස්‌ වෙලාද?
ගෙවුණු සිංහල අලුත් අවුරුද්ද දවසේ මං හිතන්නේ දෙරණ ඇතුළු නාළිකා හැම එකකම වගේ නර්තනයන් සඳහා එක්‌ වුණා.

චිත්‍රපටවලට සම්බන්ධ වුණේ නැද්ද?
මේ අවුරුද්දේ තාම නෑ.

තිරගත වෙන්න චිත්‍රපට තියෙනවද?
සිහින ලොවක්‌ සොයා කියන චිත්‍රපටය එන්න තියෙනවා. ප්‍රධාන චරිතය. හිරාන් යට්‌ටෝවිට, අනර්කලී ආකර්ෂා ඇතුළු ජනප්‍රිය නළු, නිළියන් රඟපෑ චිත්‍රපටයක්‌ මේක.

වේදිකා නාට්‍යවලට ඇයි සම්බන්ධ වෙන්නේ නැත්තේ?
කරනවා නං හරියට කරන්න ඕන. ඉතිං මේ කාර්යබහුලත්වයත් එක්‌ක ටිකක්‌ අමාරුයි කරන්න. එකයි කරන්නේ නැත්තේ.

මහේෂිගෙන් පසු ක්‌ෂේත්‍රයට පැමිණි අය නිසා මහේෂිට වැඩ අඩු වෙලාද?
මෙහෙමයි. කලින් ඉඳලම මගේ එක ටෙලි නාට්‍යයක්‌ ඉවරවෙනකොට තව ටෙලි නාට්‍යයක්‌ විකාශය වීම විතරයි මට වැදගත් වුණේ.
ඉතිං එහෙම බැලුවම මම සීයට සීයක්‌ සාර්ථකයි. අලුත් පරම්පරාවක්‌ එන එක හොඳයි මේ ක්‌ෂේත්‍රය තව දියුණු වෙන්න. ඒ නිසා ඒ අයට සුබපතනව ඇරෙන්න ඒ අයව මම කිසි සේත්ම අභියෝගයක්‌ කරගන්නේ නෑ.

ජනප්‍රියත්වය අඩුවෙලාද දැන්, ජනප්‍රිය සම්මානය ගැන බලාපොරොත්තුවක්‌ නැද්ද?
ජනප්‍රිය සම්මානය එස්‌. එම්. එස්‌. නේද දෙන්නේ…. අනේ මන්දා ඒක ගැන කතා කරන්න මම දන්නෙත් නෑ. ඒ ගැන විශේෂ හැඟීමකුත් නෑ. ඕනෑම කෙනෙක්‌ සම්මානයකට කැමතියි. ඉතිං දක්‌ෂතම නිළිය එස්‌. එම්. එස්‌. නෙමෙයිනේ. ඉතිං අපි ඒකට උත්සාහ කරමු නේද?

මහේෂිට දැන් ඉස්‌සර තරම් වැඩ නෑ කියලා කව්රු හරි කිව්වොත්?
මාසෙට දවස්‌ 28 ක්‌, 30 ක්‌ හෝ 31 ක්‌ නේ තියෙන්නේ. ඉතිං ඇත්තටම ඒකෙන් මං ඉන්නේ දවස්‌ පහක්‌ විතර තමයි ගෙදර.
කලින් ඒ දවස්‌ පහත් ගෙදර නෑ. ඉතිං අම්මගෙන් බැනුම් අහන්නේ නැතුව මේ ටිකේ ඉන්නවා.
මං හිතන්නේ කාර්ය බහුලත්වය කියන්නේ නාට්‍ය හය හතක වැඩ කරන එකම නෙමෙයි. හොඳ නිර්මාණවල වැඩ කරන එක. කාර්යබහුලත්වය කියන්නේ භාගෙට ඇඳුම් ඇඳගෙන ඉන්ස්‌ටර්ග්‍රෑම් එකේ ෆොටෝ දාන එකවත් භාගෙට ඇඳුම් ඇඳගෙන ටී.වී. එකේ ඉන්න එකවත් නෙමෙයි.
මං ඒවා සාමාන්‍යයෙන් ෆලෝ කරන්නේ නෑ. ඕනෙම කෙනෙක්‌ට ඕනෙම ඇඳුමක්‌ අඳින්න පුළුවන්.
නමුත් මම හිතනවා මේ හෙමින් යන ගමන හොඳයි කියලා හයියෙන් යනවට වඩා.

කලා ජීවිතේ සහ පුද්ගලික ජීවිතේ බලාපොරොත්තු මොනවාද?
කලා ජීවිතේ නම් මට සෑහෙන ලොකු ගමනක්‌ යන්න තියෙනවා. මොකද මම තාමත් ප්‍රාථමික අවධියේ ඉන්නේ කියලා මං හිතනවා කලා ජීවිතේ. මට කාත් එක්‌කවත් තරගයක්‌ නෑ.
මට ඕන හොඳ නිර්මාණවලට දායක වෙන්න. මගේ මොකක්‌දෝ පෙර පිනකට එක නාට්‍යක්‌ ඉවර වෙන්න තව නාට්‍යක්‌ විකාශය වෙනවා.
ඒ ගැන මං හුඟක්‌ සතුටු වෙනවා. මොකද ක්‌ෂේත්‍රයේ හුඟක්‌ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවනේ. අනික සම්මානයක්‌ නොලබා මේ තැන ඉන්න එක ගැන සතුටු වෙනවා.
පුද්ගලික ජීවිතේ ගත්තම සියලු දේවල් මං සාර්ථක කරගෙන ඉවරයි. ඒ නිසා ඒ ගැන මං කතා කරන්න අවශ්‍ය නැහැ.

ඇයි ඒ විස්‌තර කියන්නේ නැත්තේ?
අපි පුද්ගලික ජීවිතේ ඕනවට වඩා ප්‍රසිද්ධ කරන්න නරකයි. පාඩුවේ ඉන්න තරමට හොඳ ගමනක්‌ යන්න පුළුවන්.
හැමදේම ප්‍රසිද්ධ කරන්න ගියාම හැමදේම නැති වෙනවා. මං එහෙම උදාහරණත් දැකලා තියෙනවා. ඉතිං ඒ හින්දා මං ආස නෑ පෞද්ගලික ජීවිතේ ප්‍රදර්ශනය කරන්න.

පහුගිය කාලේ මහේෂිගේ විවාහය සම්බන්ධයෙන් නොයෙකුත් කටකතා පැතිරුණා?
ක්‌ෂේත්‍රයේ අයගේ දේවල් කතා වෙනවා ඔවුන් ජනප්‍රිය නිසා. නමුත් සමහර ක්‌ෂේත්‍රයේ නොවන මගේ යාළුවෝ ඉන්නවා. හොඳට වෙඩින් අරං, ෆේස්‌බුක්‌ එකේ තුන්සිය හැටපස්‌ දවසම ෆොටෝස්‌ අප්ලෝඩ් කරනවා. නමුත් හස්‌බන්ඩ් රට, මෙහෙ වෙන බෝයි ෆේ‍ර‍රන්ඩ්ස්‌ලත් එක්‌ක රවුම් ගහනවා.
ඉතිං මට එහෙම වෙන්න ඕන නෑ. ඒ නිසා මම කැමති නෑ මගේ ස්‌වාමිපුරුෂයත් එක්‌ක හෝ පෙම්වතා එක්‌ක හෝ ඉන්න ෆොටෝස්‌ පබ්ලික්‌ කරන්න. මොකද ෆේස්‌බුක්‌වල ඉන්ස්‌ටග්‍රෑම්වල ෆොටෝස්‌ දානවා කියන්නේ පවුල් කැඩෙනවා තමයි. තාම මට එහෙම වෙලා නෑ.
කවදාහරි මම බඳින දවසක හෝ මම බැන්දා හෝ ඔහුගේ හෝ ඒවායේ ෆොටෝස්‌ අප්ලෝඩ් කරන්නේ නෑ. මේක මගේ පුද්ගලික තීරණයක්‌.
මෙහෙම පාඩුවේ ඉන්න තරමට තමන්ගේ පවුලත් රැකෙනවා, තත්ත්වෙත් රැකෙනවා. මොකද පත්තරවල ඉස්‌සරහට පිටුවේ ලොකුවට පිංතුර දාගෙන ඊළඟ දවසේ ඩිවෝස්‌ වෙන්න අවශ්‍ය නෑ.

මහේෂි දැන් විවාහ වෙලාද? නැතිනම් විවාහය කවදද?
ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ. මං හොඳින් සතුටින් ඉන්නවා. අඬන්න දෙයක්‌ තවම සිද්ධ වෙලා නෑ. මගේ මූලික දේ මගේ පවුල. ඒ ගොල්ලන්ට මං මගේ පණටත් වැඩිය ආදරෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!