Gossip

“බ්ලූ ෆිල්ම් බලන එක තහනම් කරන්න ඕනේ..මම ඔය දේවල් ලොකුවට පාවිච්චි කරපු කෙනෙක් නෙවෙයි”

ෆේස්බුක් තහනම නිසා පසුගිය දවස්වල රටේ ලොකු කතාබහක් ඇතිවුණා.
ඒ ෆේස්බුක් තහනම කලා ලොවේ තරුවලට දැනුනු හැටි තමයි මේ.

Fb තහනම විහිළුවක්. හැකිනම් බ්ලු ෆිල්ම් නවත්තන්න – මහේන්ද්‍ර පෙරේරා
ඇත්තටම මට fb එකක් තිබුණට fb එකට වැඩිය යන්නෙනම් නෑ. ඒ නිසා fb නැහැ කියලා මට එහෙම ලොකු ප්‍රශ්නයක් නම් ඇතිවෙලා නෑ. කාලයක් ඕක නිකම් පාවිච්චි කළාට ඉබේම වැඩත් එක්ක fb යන එක මට එච්චර ගාණක් වුණේ නෑ. ඒ නිසා ඒක මට එච්චර අවුලක් නෑ. නමුත් මට සමහර අය කියනවා මේක ඇත්තටම ලොකු පාඩුවක් වෙන වැඩක් කියලා. මේකෙ ව්‍යාපාර කටයුතු කරන බොහොමයක් ඉන්නවා. Online බිස්නස් කරන අයට මේක ලොකු පාඩුවක්. ඒ වගේම සින්දුවලින් එහෙම ආදායම් ලබන අයට මේක ලොකු පාඩුවක්.

ඇත්තටම මේ දේවල් අපි පරිහරණය කරන විදිහ හරි වැරදියි. මම හිතන්නෙ ඕවා තහනම් කරනවාට වඩා තහනම් කරන්න දේවල් කොච්චරනම් තියෙනවද? ඔය ඉන්ටර්නෙට් හරහා බ්ලූ ෆිල්ම් බලන එක තහනම් කරන්නයි ඕනෙ. ඒ දේවල් තමයි මේ රටට පිළිලයක් වෙලා තියෙන්නෙ. ඊළඟ පරම්පරාවට මේ දේවල්වලින් වෙන අපරාධය සුළුපටු නෑ. ඉතින් මේ දේවල්වලට වඩා ඒ දේවලුයි තහනම් කළ යුත්තේ.

මේ සම්බන්ධව දේශපාලනඥයෙක් ඒක හොඳයි තහනම් කරපු එක.. ඒකෙන් බොරු ප්‍රචාර යන එක නවතිනවා කියලා කියනවා මම එක දවසක් අහගෙන හිටියා. එහෙමනම් ඉතින් මේ පහුගිය කාලේ විතරක් නෙමේ, ගිය ආණ්ඩුවේ මැතිවරණ තියෙන කාලෙදීත් මඩප්‍රහාර ඕනතරම් යන්න ඇති. ඒ නිසා ඒ දේවල් ඇත්තටම වැඩකට නැති කතා. අපි fb එකේ හැමදෙයක්ම ඔළුවට ගන්නෙ නැහැනෙ. අපි ඔළුවෙන් කල්පනා කරලා බලලයි ඔළුවට ගන්නෙ. ඒක තමතමන් අවබෝධ කරගන්න විදිහත් එක්ක තමයි තීරණය වෙන්නෙ. ඉතින්… මේ දේවල් තහනම් කරපු එක මහ විහිළුවක් හැටියටයි මට තේරෙන්නෙ.

ආණ්ඩුව කළේ නොකළ යුතු දෙයක් – අනූෂා දමයන්ති
මේ ඇතිවුණු ප්‍රශ්නය එක්ක ගත්තොත් මේක ඇත්තටම පොඩි ප්‍රශ්නයක් විදිහට තමයි ඇතිවුණේ. නමුත් හරියට නීතිය ක්‍රියාත්මක නොවීමෙන් මේක ප්‍රශ්නයක් වුණා. නීතිය හරියට ක්‍රියාත්මක වුණානම් මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්නෙ නෑ. අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් නිසා කිසිවිටකත් අපට ජාතිවාදය අවශ්‍ය වෙන්නෙ නෑ.

මේ වගේ දෙයක් වුණු නිසා සමහරවිට රටේ සාමය රැකගන්න කියලා තාක්ෂණය දවසකට සීමාකළානම් ඒක ගැන අපිට හිතන්න තිබුණා. නමුත් මේ තරම් කාලයක් පැවතීම ඇත්තටම නුසුදුසුයි කියලයි මමනම් හිතන්නෙ. මේ වගේ දෙයකින් අපිට එහෙම කිසිදෙයක් නවත්වන්න බෑ.

තාක්ෂණය හරහා ජාත්‍යන්තර සම්බන්ධතා සියල්ලම ඇතිවුණා. මේ තාක්ෂණය හරහා කරපු මිනිසුන්ගේ ව්‍යාපාර කටයුතු බොහොමයක් නතරවුණා. ලෝකයම තාක්ෂණයත් එක්ක ගමන් කරන වෙලාවක අපේ රට ආයෙමත් ආපස්සට ඇදීමක් විදිහටයි මම මේක දකින්නෙ. ආණ්ඩුවක් වශයෙන් සිද්ධනොකළ යුතු දෙයක්. මීට වඩා හොඳට මේ ප්‍රශ්නය දිහා බලලා ක්‍රියා කළානම් හොඳයි කියලයි මටනම් හිතුණේ. කලාකරුවන් හැටියට අපිට මේකෙන් ගොඩක් පාඩුයි. තාක්ෂණය හරහා අපි බොහෝ දේ සිදුකළා. අද වෙද්දී ඒ හැමදෙයක්ම නතරවෙලා තියෙන්නෙ.

Fb කියන්නේ පපඩම් කෑල්ලක් – දසුන් පතිරණ
සමාජ ජාලා වෙබ්අඩවි ගැන හිතනවාට වඩා ලෝකෙ තව මොනතරම් දේවල් තියෙනවද හිතන්න. ඔය fb කියලා කියන්නෙ කෑම එකක තියෙන පපඩම් කෑල්ල වගේ දෙයක්.

පපඩම් නැතිව අපිට කෑම කන්නත් පුළුවන්. ජීවත් වෙන්නත් පුළුවන්. මමනම් හිතන්නෙ මේ තිබුණු තත්ත්වයත් එක්ක ඕක තාවකාලිකව නවත්වපු එක හොඳයි කියලා. අනිකුත් නවත්වපු වෙබ්අඩවි ගැන වුණත් මිනිසුන් ලොකුවට හිතන්න ඕනෙ නෑ. ඒ ගැන ලොකුවට මිනිස්සු කලබල වෙන්න ඕනෙ නෑ. මේ හැමදෙයක්ම සිද්ධවුණේ මිනිස්සු විසින් තමන්ගේ ලිමිට් එක මොකක්ද කියලා හරියට තේරුම් නොගන්න එකයි.

මටනම් ගාණක් නෑ අම්මටනම් හරි අවුල් – අනුරාධා එදිරිසිංහ
මම ඔය දේවල් ලොකුවට පාවිච්චි කරපු කෙනෙක් නෙමේ. WhatsApp වගේ දෙයක් මොකක්හරි අත්‍යවශ්‍යම දෙයකට ඕන වුණොත් විතරක් මම ඒ APP එක දාගෙන මගේ වැඩේ කරගත්තට පස්සෙ ආයෙමත් ඒ App එක unstall කරනවා. එදාමෙදාතුර එහෙමයි වුණේ. Fb එක වුණත් මම පාවිච්චි කළා. හැබැයි ඒ පාවිච්චි කළාට මොනවහරි දෙයක් update කළාට ඒකට ගොඩක් ඇලිලා හිටපු කෙනෙක් නෙමේ. ඒ නිසා ඒක මට දැනුණේ නෑ. දන්න කියන අයට කෝල් කරලා කතා කරන්න පුළුවන් නිසා ලොකු වෙනසක් දැනුණේ නෑ. මම Instagram පාවිච්චි කළා. ඒක fb එකේ වගේ ගොඩක් gossip එහාට මෙහාට යන තැනක් නෙමෙයිනෙ. දැන් මේ දවස් ගාණක් තුළ ඒක නැතිවුණා කියලා ඒකත් මට ගාණක් නෑ. කොහොමහරි ඔය දේවල්වල ගොඩක් මම ඇලිලා හිටපු නැති එක ගැන මම දෙවියන්ට ස්තූති කරනවා.

මගේ ලොකුඅම්මා ඉන්නෙ රට. ඉතින්… අපේ අම්මා ලොකුඅම්මා එක්ක කතාබහ කළේ වයිබර් හරහා. ඉතින් මේ දවස්වල අම්මා එයාගේ අක්කට කතාකරගන්න බැරිව හරිම දුකෙන් ඉන්නවා. ඉතින් මට මේක ලොකුවට නොදැනුණත් බොහෝ දෙනෙක්ට ඒක තදින් දැනෙන වෙලාවලුත් තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!