Gossip

සමයංගේ සිද්ධිය ගැන පාතාලයේ ප්‍රබලයෙක් වන මධුෂ්ගේ බිරිඳගෙන් පොලිසියට ප්‍රකාශයක්

කළුතර ප‍්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට ඉකුත් මස 27 වනදා එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් පාතාලයේ ප‍්‍රබලයෙකු වූ සමයං ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුටද එම සිද්ධියෙන් දිවි අහිමි වුණා.

මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවෙකු ලෙසට සැලකෙන දකුණේ පාතාල ප‍්‍රබලයෙකු වන මධුෂ් නමැත්තාගේ බිරිඳ ගෙන් පොලිසිය ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ පැය කිහිපයක් ඇයගෙන් එම ප‍්‍රශ්නකිරීම කළ බවයි.

මධුෂ් නමැත්තා මෙරට තුළ සැඟවී සිටිනවා ද නැතහොත් විදෙස්ගතව සිටිනවාදැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණ වී නැහැ.

මධුෂ් නමැත්තා බවට සැකපිට ඔහුගේ රුවට සමාන වෙනත් අයෙකු ඉකුත්දා දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවත් පොලිසිය කළ ප‍්‍රශ්න කිරීම්වල දී අනාවරණ වුණේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළු ව්‍යාපරිකයෙකු බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!