Gossip

“පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ”

සෙල්ලයියාත් මැගීනෝනාත් සුර සැප මැද ජීවිතය නොගෙව්වත් ඔවුන්ගේ හදවත්වල ඇති සතුට සැනසුම සාංසාරික බැඳීමක් හා මුහුම්ව ඇත.
අද සමාජයේ එවන් බැඳීම් ඉතා විරලය. ඒ නිසා බොහෝ පවුල් සංස්ථාවන් කැඩී බිඳී විනාශ වී යන අයුරු දිනෙන් දින අසන්නට ලැබීම උදාහරණයන්ගෙන් ඕනෑතරම් පෙන්වා දිය හැකිය.
බැඳීම බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනවා හැරෙන්නට ඒවා ජීවිත දෙකඩ කරන්නේ නැත.
කාලීන සමාජයට අවැසිව ඇත්තේ සෙල්ලයියා වැනි සැමියන් මිස කඩු මුගුරු ඔසවා ගත් යක්ෂයන් නොවේ.
ජීවිතයේ බොහෝ දෑ සෙල්ලයියාගේ ජීවිතයෙන් පසක් කරන්නට මේ සටහන තැබුවේ තාක්ෂණයෙන් බොහෝ මිනිසුන් දියුණු වුවද, මනසින් නොදියුණු බොහෝ මිනිසුන්ට ඉතා කුඩා ආදර්ශයක් දෙන්නටය.
ජීවිතය විඳීමට රජ මැදුරු යානවාහනම අවැසි නැත. ජීවිතයේ විඳීම ඇත්තේ කරුණාවත්, දයාබරත්වයත්, සැනසීමත් ළඟ මිස රාගයත්, වෛරයත්, තණ්හාවත් ළඟ නොවේය යන්න සෙල්ලයියා කියා දෙන්නේ මැදිහත් සිතින්ය.
ඒ ජීවිතයේ සරල බව නිසාය. කොතරම් දුෂ්කරතා මැද වුවද ජීවිතයේ සැඳෑ කාලයත් සිය බිරිඳ වෙනුවෙන් කැප කොට ඇය රක්ෂා කරන්නට සෙල්ලයියා සිතුවේ ඒ නිසා විය යුතුය.
සෙල්ලයියා ජාතියෙන් දමිළ වුවද, මැගීනෝනා බෞද්ධ වුවද සතර පොහොයටම සිල් සමාදන් වන්නට ගියේ ඔවුන් දෙදෙනාම එකටය.
ඒ මීට වසර 5කට පමණ පෙරය. තවමත් සංඝයා වෙනුවෙන් මේ පුංචි පැල තුළ පිසෙන දානය සෙල්ලයියාගේ අතින් පිසීම අමුත්තක් නොවේ.
මසකට රුපියල් 1900කින් ජීවත් වන්නට මේ හිඟ පාඩු ජීවිතයේ කොතරම් ශක්තියක් ඇද්දැයි ඇසුණු විට ඔබ මෙන්ම මා ද පුදුම වනවා අමුත්තක් නොවේ.
එහෙත් ඒ කතාව එහෙමය‍. සංවේදී සිතිවිලිත්, ආදරණීය හදවතත් සිය බිරිඳ වෙනුවෙන් පුද දී කුමක් හෝ පැතුමක් සමගින් ජීවිතයේ අවසන් ගමනත් ඇගේ අත ගෙනම යන්නට සෙල්ලයියා බලා සිටින්නේ මේ සෙනෙහසේ නාමයෙනි.
වසර 25ක් ගතවූ විවාහ දිවියේ ඔහු ඇය වෙනුවෙන් බොහෝ දේ කැප කළේ ද ඒ නිසාවෙනි. සිටු වහලය යට දැල්වෙන නේක විද විදුලි ලාම්පූවලට වඩා මේ මැටි බිත්ති සතර මැද දැල්වෙන කුප්පි ලාම්පුව ඒ ලබැදී ජීවිතයේ බොහෝ දේ කියා පායි.
මේ දෑ දෙස හදවතින් බලද්දී ‘‘පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ“ යන ගීයතද කොතරම් සාධාරණදැයි සිතෙනවා නොවේද? එසේ නම් ජීවිතය යනු විඳිය යුතු දෙයක් මිය විදවිය යුත්තක් නොවන බව පසක් කරන්නට සෙල්ලයියාගේ ජීවිත කතාන්දරයෙන් තවත් උදාරහණ කුමට නම් ලියන්නද?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!