Gossip

මට ඒ ආදරේ උපරිමයෙන්ම ලැබෙනවා, දවසක එයා වෙනස් වුණොත් මමත් වෙන ආදරයක් බලාපොරොත්තු වෙයි – Photos

ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති.
ආදරේ..
ආදරේ කියන සුන්දර හැඟීම ගැන වචනවලින් කියලා නිම කරන්න අමාරුයි.
ජීවිතයක් ලස්සන කරන්න වගේම විනාශ කරන්නත් මේ ආදරේට පුළුවන්.
ඉතිං මේ ආදරේ ගැන ලෝචනා ඉමාෂි සතිඅන්ත පුවත්පතක මේ විදිහට කියලා තිබුණා.

ආදරයට නිර්වචනයක් දෙන්න..?
ලබාගන්න පුළුවන්කමක් තිබුුණොත් සතුටක්. ලබාගන්න නොහැකි වුණොත් දුකක්. මේ තමයි මම දකින ආරදය.

ආදරය හිතට දැනෙනකොට වයස කීයද..?
මුලින්ම ආදරේ හිතට දැනෙනකොට වයස 18 ක් විතර ඇති.

පාසල් ප්‍රේමය මතකද..?
මතක හිටින්න පාසල් ප්‍රේමයක මතකයක් තිබිලා නැහැ මගේ ජීවිතේ.

ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි බව ඇත්තද..?
ප්‍රථම ප්‍රේමය මතකයේ තිබීම හෝ අමතක කිරීම එකිනෙකට සාපේක්ෂයි. මම නම් ප්‍රථම ප්‍රේමයේ මතකයන් නැතිව ලස්නට ජීවත් වෙනවා.

පෙම්වතෙකුගෙන් ලැබුණු මුල්ම තෑග්ග මතකද..?
මුලින්ම ලැබුණු තෑග්ග ගැනනම් මතකයක් නැහැ.

ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න ඕනේ පිරමි ළමයද..?
මම හිතන විදිහට නම් ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න ඕන පිරිමි පාර්ශවයෙන් තමයි.

ඔබට වඩා වයසින් ලාබාල කෙනෙක් ගැන ආදරයක් හිතිලා තියෙනවද.?
එහෙම හැඟීමක්වත් දැනිලා නැහැ..

ජනප්‍රිය නළුවෝ කී දෙනෙකුට ආදරය කරලා තියෙනවද..?
වැරදීමකින්වත් ජනප්‍රිය චරිතයකට මං කවදාවත් ආදරේ කරලා නැහැ.

ආදරය ඇතුලේ රාගයට ඔබ වෙන් කරන ඉඩ ප්‍රතිශතය කොපමනද..?
ආදරය තුල ආගයක් ඇතිවීම, ආදරය කරන පුද්ගලයා මත තීරණය වන කාරණයක්.
ආදරය කරන මුල් කාලයේ රාගය ගැන තේරුමක් නැහැ. ඒ ආදරේ විවාහයක් දක්වා ගියාම රාගය අනිවාර්යයි.

ඔහු ඔබට ආදරයට කියන නම මොකක්ද..?
ලෝචනා තමයි ඉතිං…

ඔබ ආදරේට ඔහුට කියන නම මොකක්ද..?
මම කතා කරන්නේ ලසන්ත කියලා..

විරහව කී වතාවක් විඳලා තියෙනවද..?
විරහවේ රහ විඳලා තියෙනවා ඕන තරම්.

ප්‍රේමය විවාහය කෙලවර වෙනවද..?
ආදරේට සීමාවක් නණෑ. එතැනදි ආරේ ඇතිවෙන තරම්ම විවාහයක් දක්වා යන්න පුළුවන්කමක් නෑ. ජීවිතේට විවාහයකින් එකතු කරගන්න පුළුවන් එක්කෙනෙක් විතරනේ.
එහිදී විරහවත් අනිවාර්යයි.

විවාහයෙන් පිට ආදරයක් මුණගැහුණොත්..?
අපිත් සාමාන්‍ය මිනිස්සු.. එහෙම විය හැකියි.
ඒත් තවම විවාහයට පිටින් ආදරයක් හමුවෙලා නෑ. දැනට සැමියගේ ආදරේ උපරිමයෙන් ලැබෙනවා. දවසක ඔහු වෙනස් වුණොත් මාත් වෙන කෙනෙකුගේ ආදරයක් බලාපොරොත්තු වෙයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!