Gossip

Living Together සංකල්පයට මමනම් ආසයි – ඕෂධී හිමාෂා

ඕෂධී හිමාෂා කියන්නේ නිරූපිකාවක් මෙන්න රංගන ශිල්පිණියක්.
මියුසික් වීඩියෝ හරහා රසික ආදරය දිනාගත්තු ඕෂධී ටෙලි නාට්‍යවලටද සිය රංගන දායකත්වය ලබාදෙනවා.
පසුගිය දවසක ඇය ‘Living Together’ සංකල්පය ගැන සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුණේ මේ විදිහට.

Living Together සංකල්පය ගැන මොකද්ද අදහස?
“මට ඇත්තටම කියන්න තියෙන්නේ ඒක හොඳ දෙයක් කියල. මොකද දෙන්නෙකුට එකිනෙකා අවබෝධ කරගන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි එකට ජිවත් උනහම”

විවාහවෙලා එකට ජීවත් වෙනකොට තේරුම් ගන්න බැරි ද?
“මෙහෙමයි අද ලංකාවේ විතරක් නෙවෙයි ලොව පුරා දික්කසාද වැඩි වෙලා තියෙනවා. ඇත්තටම එහෙම විවාහ වෙලා පස්සේ ගැලපෙන්නේ නෑ කියලා දික්කසාද වෙනවට වැඩිය එකට ජීවත් වෙලා නොගැළපෙන බව තේරුම් අරගන වෙන්වෙන එක හොඳයි.”

මේ කියන කාරණය අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියන අදහස බරපතල විදිහට තියෙනවා නේද?
“මම නම් ඒ සංකල්පයට ආසයි සහ කැමති. අපේ රටේ සංස්කෘතිය අතින් අරගෙන බලද්දී මේක නොගැළපෙනවා වෙන්න පුළුවන්. ඒත් මම මෙහෙම කියන්නේ ඒ දිහා බලල නෙවෙයි. දෙන්නෙක් අතර අවබෝධයක් ඇති කරගන්න එකට ජීවත් වෙන්න හැකි ද කියන දේ තේරුම් ගන්න Living Together ඉතාමත් හොඳ අවස්ථාවක්”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!