තරු හුට පට

විමල්ගේ නිවසේදී මියගිය තරුණයාට සිදුවූයේ කුමක්ද? සැබෑ කතාව මිතුරෙකුගේ ෆේස්බුක් ගිණුමේ

CVR

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේදී තරුණයෙකු මියගොස් තිබුණා. විමල් වීරවංශගේ පුතු විභූදි වීරවංශගේ මිතුරෙකු බව කියැවෙන අවුරුදු 24ක් වන ළහිරු දිසානයක නැමැති මෙම තරුණයා පසුගිය දා(26)  විමල්ගේ බිරිය විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

මියගිය ළහිරු හා විමල්ගේ පුතු විභූති කලක පටන් මිතුරන් වන බවත් බොහෝ දිනවලදී මෙම නිවසට පැමිණ නවාතැන් ගන්නා බවද වාර්තා වුණා..

කෙසේ වෙතත් දියණිය සමග මිය ගිය තරුණයා එකට සිටිනු දැක ඇති ශෂී විරවංශ එම තරුණයාට පහර දීමට ආරක්ෂක නිලධාරීන්ට පැවසූ බවත් එහිදි මෙම තරුණයා මිය ගිය බවටත් කට කතා පැතිර යමින් තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ මිතුරෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබුණා.

ඉන් කියැවෙන්නෙ රාත්‍රියේ ඔවුන් විමල්ගේ නිවසේ චිත්‍රපටයක් නැරඹීම සඳහා උඩුමහලට ගිය බවත්. එහිදි මියගිය තරුණයාගේ ඇස් රතුවී තිබෙනු දුටු ශෂි වීරවංශ ඒ ගැන අසද්දි ඒ තමා වෙහෙසට පත්වී සිටින නිසා යැයි අදාළ තරුණයා පැවසූ බවයි. පසුව ඔවුන් රාත්‍රි යේ නින්දට ගොස් ඇති අතර උදෑසන ඔහුගේ මුහුණ නිල් පැහැ වී තිබීම නිසා ඔහුට කතා කරද්දි ඔහු කතා නොකළ බවත් මේ සිද්ධියේ සැබෑව එය බවත් මියගිය තරුණයාගේ මිතුරා ෆේස්බුක් සටහනේ කියා තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට තරුණයාගේ මරණය සැක සහිත බැවින් සිරුර කපා මරණයට හේතුව සොයා ගැනීමට කටයුතු කරමින් සිටින අතර හෙට සිරුර ගැන වෛද්‍ය පරීක්ෂණ සිදු කෙරෙනු ඇත.

lihiru

“Lahiru Aiyya has visited the house at 9.05 and has gone upstairs with everyone to watch a movie . even though Mrs.Weerawansha has noticed his eye’s were red and also he has walked the stairs with a tiring face . After everyone was done watching the movie he has gone to sleep . In the morning Vibhoothi has come to check up on him , he has noticed that Lahiru Aiyya’s face has turned blue and has also noticed that he has also urinated his pants a bit. After everyone has panicked they have taken Lahiru’s mother to see her son . And she has also said that Lahiru’s father was also passed away in the same manner. By the time everyone has taken Lahiru Aiyya to the hospital , they got to know Lahiru Aiyya has passed away . :::: The media and all the judging people can say many things about this incident , but this is what has happened for real . Once the reports arrive we can confirm what happened for Lahiru Aiyya for sure. May he attain nibbana .”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!