Gossip

වික්ටර් රත්නායක මියගියබවට පුතාගේ ෆේස්බුක් ගිණුමේ සටහනක්

මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය බවයි.

මේ සටහන හරහා බොහෝ දෙනෙක් විවිධ ප්‍රතිචාර දක්වා තිබෙන අතර මෙය බොහෝ දෙනෙකු අතර ආන්දෝලනයට ලක්වූ කරුණක් වුණා.

මෙම සටහන දමා ඇති ගිණුම ලෙලුම් රත්නායකගේමද නැතහොත් ලෙලුම්ගේ ගිණුම කවුරුන් හෝ හැක් කරා ද කියලා සමහර අය අනුමාන කරනවා.

කොහොම වුනත් කවුරුත් දන්නවා මේවනවිට එහෙම දෙයක් වෙලා නෑ කියලා.

වික්ටර් රත්නායක මහතා කියන්නේ කොයි කවුරුත් ආදරේ කරන ගෞරව කරන ච‍රිතයක්. ඉතින් එතුමාට ආදරේ කරන හැමෝම මේ සිද්ධිය කවුරු කළත් දැඩි පිළිකුලෙන් හෙලා දකිනවා.

untitled-1 untitled-2

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!