Gossip News

තවත් මාස හයකට ලීසිං සහනයක්

සංචාරකයන් ප්‍රවාහනය සඳහා වාහන මිලදී ගැනීමට කල් බදු (ලීසිං) ක්‍රමයට මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය මුදල් ගෙවීමට ලබාදුන් සහන කාලය තවත් මාස 06කින් දීර්ඝ කර ඇතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සචින්ත ඩයස් ඊයේ (22 වැනිදා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. එම සහන කාලය අවසන් වන විට රටේ පවතින සංචාරක කර්මාන්තයේ තත්ත්වය අනුව සහන කාලසීමාව තවදුරටත් දීර්ඝ කළ යුතුද නැද්ද යන්න මහා බැංකුව තීරණය කරනු ඇතැයිද ඔහු පැවැසීය.

රජයේ නීතිඥවරයා එසේ පැවුසුවේ ණය මුදල් ගෙවීමට ලබාදුන් සහන කාල සීමාව තවත් වසරකින් එනම් 2022 මාර්තු 31 දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලා ‘‘සංචාරක රියැදුරු එකමුතුව’‘ ගොනු කළ පෙත්සම ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන් ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා හමුවේ පෙත්සම සලකා බැලිණි.

ඉදිරි මාස 06ක සහන කාලය තුළදී ණය මුදල් අයකර ගැනීම සඳහා නීතිමගින් ක්‍රියා කිරීම මූල්‍ය ආයතනවලට මහා බැංකුව තහනම් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!