Gossip News

අසීමිත අන්තර්ජාල පැකේජයක් දුන්නොත් සමස්ත පද්ධතියම කඩා වැටෙයි

ලබන අප්‍රේල් මස සිට පාරිභෝගිකයන්ට අසීමිත අන්තර්ජාල පැකේජයක් ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය අන්තර්ජාල පද්ධතියම කඩාවැටිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අඟවයි.

මෙම අසීමිත අන්තර්ජාල පැකේජයන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා ධාරිතාවන් ඉහළ යනතෙක් බලා නොසිට මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගිය සිකුරාදා (19 වැනිදා)නිවේදනය කළේය. මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිට පෙන්වා දෙන්නේ මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට ප්‍රථම මේ සඳහා අවශ්‍ය වන ටෙලිකොම් යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බවයි.

මීට අමතරව අන්තර්ජාල වේග සීමා සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රමිතියක් අනුගමනය කිරීමට අන්තර්ජාල සේවා සපයන සමාගම් කටයුතු කළ යුතු බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!