Gossip

සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගගේ ක්‍රිකට් දිවිය නොසිතූ ලෙස පාවීයයි

ලසිත් මාලිංග කියන්නේ අපේ රටෙන් බිහිවුණු සුපිරි වේග පන්දු යවන්නෙක්.
මාලිංග තමයි අයි.පී.එල්. ඉතිහාසයේ හොඳම පන්දු යවන්නා බවට පත්වුණේ.
ඒ වගේම මුම්බායි පිලේ නැංගුරම විදිහට කටයුතු කළෙත් ලසිත් මාලිංග.
මේ කොහොම වුණත් ලසිත් මාලිංගව මුම්බායි ඉන්දියන්ස් පිල විසින් IPL වෙන්දේසියට මුදා හැරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මාලිංග දැනට තරග 110 කදී කඩුලු 154 ක් සහ මුම්බායි ඉන්දියන්ස් ශුරතාවලිය දිනාගත් අවස්ථා වලදී 2013 සහ 2015 දී කඩුලු 20 ක් සහ 24 ක් ලබාගැනීමට සමත්වුණා.
කෙසේ වුවද 2017 IPL තරඟාවලියේදී මාලිංගගේ රිද්මය ගිලිහී ගොස් තිබීම මෙම තීරණයට හේතුවන්නට ඇති බවටයි දැනගන්නට ලැබෙන්නේ.
2017 වර්ශයේදී ලසිත් මාලිංග තරග 12 කදී කඩුලු 11 ක් පමණක් දවාගත් අතර එක පන්දුවාරයකට සමානයයෙන් ලකුණු 8.84 ක් ලබාදී තිබුණි.
IPL ඉතිහාසයේ හොඳම පන්දු යවන්නා ලසිත් මාලිංග බව අවිවධයෙන් තොරව පිළිගත යුතුය. එනම් ඔහුගේ කඩුල්ල ලබා ගැනීමේ හැකියාවන් සහ death balling නිසාවෙනි.
නමුත් ජැස්ප්රිත් බුම්රා සහ නවසීලන්තයේ මිචෙල් මැක්ලෙගන් වැනි නවක පන්දු යවන්නන් ඉදිරියේ මෙවර ශ්‍රී ලාංකිකයන් වේග පන්දු යවන්න දෙවැනි වී ඇත. එනම් මැක්ලේගන් සහ බුම්රා මුම්බායි ඉන්දියන්ස් පිලේ පළමුවෙන් තෝරා ගත් පන්දු යවන්නන් ලෙස ඉදිරියෙන් සිටී.
මුම්බායි ඉන්දියානුවන් විසින් මාලිංගට වෙන්දේසියට යාමට ඉඩ හැරීමට තීරණය කර ඇති අතර එය ඉතා අඩු මිලක් යටතේ වෙන්දේසියකදී ඔහු කැඳවා ගැනීමට ඉඩ ඇති බවටයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!