Gossip

ජීවිත 58කට මරු කැඳවූ ලාස්වේගාස් ප්‍රහාරය, 32 තට්ටුවේ ඉඳන් වෙඩි තැබූ සාහසිකයාගේ පැටිකිරිය හෙළිවෙයි – වීඩියෝ

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුවී නොමැති බව වාර්තා වේ. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් ස්වර්ණා ගුණරත්න මහත්මිය සඳහන් කළේ අදාල ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව තවදුරටත් තොරතුරු ලබාගනිමින් සිටින බවයි.

ඇමෙරිකාවේ, නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි ලාස් වේගාස් හි පෙරේදා (01දා) රාත්‍රියේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයක් අතරතුර එල්ල වූ මෙම වෙඩි තැබීමෙන් මියගිය පිරිස 58ක් දක්වා වැඩි වෙමින්, තුවාල ලැබූ පිරිස 515ක් වූ බව විදෙස් වාර්තා පවසයි‍.

ලාස්වේගාස් හි “මැන්ඩෙලා බේ” හෝටලයේ 32 වන මහලේ සිට 64 හැවිරිදි ස්ටෙෆන් ෆැඩොක් නැමැති පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව එරට පොලීසිය පෙන්වා දුන්නේය. ඔහු විසින් වෙඩි ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර තිබේ.

පසුව තුවක්කුකරු ද වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා විය. ඔහුගේ කාමරය තුළ තිබී ගිනි අවි 10ක් එරට පොලීසිය විසින් සෙයාගෙන ඇත.

වෙඩික්කරු මීට මාස කිහිපයකට පෙර ඉස්ලාම් දහම වැළඳ ගත්තෙකු බව පවසමින්, ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබුණත්, ප්‍රහාරය සමග ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක සබඳතාව මේ දක්වා තහවුරු වී නොමැති බව FBI ආයතනය අවධාරණය කරයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ අදාළ ප්‍රහාරය අයි.එස් සංවිධානය විසින් සිදුකළ බවට සාක්ෂි කිසිවක් ඉදිරිපත් වී නොමැති බවයි.

මේ අතරම වෙඩික්කරුවා සමගින් පැමිණි ඔහුගේ පෙම්වතිය බව කියන ආසියානු සම්භවයක් සහිත මාරිලොයු ඩැන්ලේ පොලිස් අත්අඩංගුවට පත්වූවද, ඇය මෙම ප්‍රහාරය හා සබඳතාවත් නොමැති බව පොලීසිය විශ්වාස කරයි.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ මෙය තනිකරම මහා අපරාධයක් බවයි. තුවාල ලැබූවන්ගේ ජීවිත රැකගැනීමට දරණ උත්සාහය අගය කළ ජනපතිවරයා බදාදා දිනයේ ලාස් වේගාස් වෙත පැමිණීමටද නියමිතය. මෙය ඇමෙරිකානු ඉතිහාසයේ මහා ඛේදවාචකයක් ලෙස ඉතිහාසගත වනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!