Gossip

“රඟපාලා තියෙන මියුසික් වීඩියෝවලට වඩා අතහැරපු මියුසික් වීඩියෝ ප්‍රමාණය වැඩියි” – ලක්ෂිකා ජයවර්ධන

ලක්ෂිකා ජයවර්ධන කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්. ඉතින් දඟකාර හැඩකාර ලක්ෂිකාගේ අලුත් තොරතුරු ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්.

මොනවාද මේ දවස්වල වැඩ.
මේ දවස්වලනම් ටෙලි නාට්‍ය 04ක රූගත කිරීම් වලට සහභාගී වෙනවා.

ටෙලි නාට්‍යය වලට විතරක්ම දායක වෙන්නේ වේදිකා නාට්‍යවලට ආස නැති නිසාද?
ඇත්තටම මුල් කාලේ මගේ ආසාව තිබුනේ ටෙලි නාට්‍ය වලට විතරයි. ඒත් වේදිකා නාට්‍යය කියන්නේ මං ගොඩක් ආස කරන තවත් තැනක්. පහුගිය දවස්වල ගොඩක් කාර්යබහුල වුණ නිසා රඟපාන්න ආරාධනා ලැබුණු වේදිකා නාට්‍යය කීපයක්ම අතඅරින්න වුනා. ඒත් මං මේ වෙනකොට නම් සරත් දික්කුඹුරගේ සිකුරා කියන වේදිකා නාට්‍යයේ රඟපානවා. ඒකේ මංගල දර්ශනය තියෙන්නේ මේ 11 වෙනිදා පුංචි තියටර් එකේ.

ලක්ෂිකාගේ චිත්‍රපටවලට තියෙන දායකත්වය කොහොමද?
මම ලඟදි චිත‍්‍රපටයක ප‍්‍රධාන චරිතයක් වෙනුවෙන් කැමැත්ත දුන්නා.

මියුසික් වීඩියෝ වලත් ඔබව බොහෝ විට දකින්නට ලැබෙනවා නේද?
මේ වෙද්දි මං මියුසික් වීඩියෝ කිහිපයකම රඟපාලා තියෙනවා. එත් රඟපාලා තියෙන මියුසික් වීඩියෝවලට වඩා අතහැරපු මියුසික් වීඩියෝ ප්‍රමාණය වැඩියි. ඒ මම පිටපත බලලා තමයි රඟපාන්න කැමතිද නැද්ද කියලා තීරණය කරන්නේ. මං ආදරේ තරම්, පමාවෙලා මුණ ගැසුනු නිසා, කියන මං රගපාපු වීඩියෝ දෙක මිනිස්සු අතරට ගියා. ඒවගේම ලඟදි සකුරා එකේ ජූඩ්ගේ විඩියෝ එකකත් පෙනී හිටියා.

එතකොට ලක්ෂිකා තාමත් ඉගෙන ගන්නවා කියන ආරංචිය මොකද්ද?
මම හරි ආසයි රූපලාවන්‍ය ක්ෂේත්‍රයට. ඒ නිසා රමනි ප‍්‍රනාන්දු මහත්මිය යටතේ රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරනවා. මොකද මං හරි ආසාවෙන් ඉන්නවා මගේම කියලා සැලෝන් එකක් පටන් ගන්න. ඒකට මම ඉගෙනගෙන ඉන්න ඕන. මම නිළියක් වුන පලියට සැලොන් එකක් දාගෙන නොදන්න දෙයක් කරනවට වඩා දැනුවත් වෙලා ඒ වැඩේ කරන එක හොදයි කියලා ට හිතුනා.

දැන් එතකොට බඳින්නේ කවද්ද?
ඒකටනම් තව කල් තියෙනවා. ඒ කාලේ ආවම හැමෝටම ඒ ගැන කියන්නම්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!