Gossip

ගමක් ආදරය කළ ළහිරුට අත්වුණු අවාසනාවන්ත ඉරණම – Photos

ගසක් සමඟ පස් කන්දක් නිවසකට කඩා වැටිමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ නාවලපිටිය ගෝනාවලපතන ප්‍රදේශයේ පදිංචි ළහිරු ගමගේ නැමති (20 )හැවිරිදි තරුණයෙක්.

ඊයේ (05) රාත්‍රී 8.30 පමණ නිවසට ඉහලින් තිබු විශාලගසක් සමඟ පස් කන්දක් කඩාගෙන විත් නිවසේ විසිත්ත කාමරය යට වි තිබෙනවා.

එම විසිත්ත කාමරයේ සිටි මිය ගිය තරුණයා සහ ඔහුගේ සොහොයුරා සිට ඇති අතර මිය ගිය තරුණයා පස්වලට යට වි සිටියදි ප්‍රදේශවාසින් විසින් බේරාගෙන නාවලපිටිය මුලික රෝහල වෙත රැගෙන යන අතරතුර මිය ගොස් ඇති බව නාවලපිටිය පොලීසිය කියා සිටියේ.

මෙම අනතුරින් මිය ගිය තරුණයාගේ සොහොයුරාද සුළු තුවාල ලබා ඇත.අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ පදිංචි අනෙකුත් සමාජිකයන් වෙනත් කාමර වල සිටි නිසා ඔහුන්ට මෙම අනතුරින් කිසිදු තුවාලයක් සිදු වි නැහැ.

නාවලපිටිය ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු අධික වර්ධාවත් සමගම මෙම ගස සහ පස් කන්ද කඩා වැටි ඇති බවයි පොලිසිය කියා සිටින්නේ.රුපවාහිනිය නරඹමින් සිටියදි එක් වරම විශාල ශබිදයක් සමග ගස සහ පස් කන්ද කඩා වැටුණු බව මෙම අනතුරින් සුළු තුවාල ලබා සිටින තරුණයාගේ සොහොයුරා කියා සිටියේ.

මෙම අනතුරින් නිවසේ විසිත්ත කාමරයටද දැඩි අලාභ හානි සිදු වි තිබුණා.

මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය මුලික රෝහගේ මෘත ශාරිරාගාරයේ තැන්කර ඇති අතර අනතුර පිළිබඳව නාවලපිටිය පොලීසිය පරික්ෂණ පවත්වයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!