Gossip

මෙහෙමත් මිනිස්සු, බිළි පූජාවකට පසු ශරීර කොටස් මහමඟ දමාගිය හැටි – Photos

යාපනයේ – කාරතීව් ප්‍රදේශයේ හින්දු කෝවිලක පැවති සතුන් බිලිදීමේ පූජාවකට පසුව ඉතිරි වූ මස් හා සතුන්ගේ ශරීර කොටස් මහා මාර්ගයේ තැනින් තැන දමා තිබීමට එරෙහිව කාරතීව් ප්‍රදේශීය සභාව කාරතීව් පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.

මෙම සත්ව බිලි පූජාව පවත්වා ඇත්තේ 5 වෙනි සෙනසුරාදා දහවල් කාලයේදීය.

ඉතිරි වූ මස් හා සතුන්ගේ කොටස් කාරතීව් ප්‍රදේශයේ ගම්මාන අසලද කාරතීව් මාවඩියපලෙයි ප්‍රධාන මාර්ගයේද තැනින් තැන දමා තිබෙනවා.

කාරතීව් ප්‍රාදේශීය සභාවේ සභාපති ක්‍රිෂ්ණපිල්ලෙයි ජෙයසීලන් හා ලේකම් ඒ.සුන්දරකුමාර් යන මහත්වරුන් කාරතීව් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භකර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පවසන්නේ සතුන්ගේ මස් හා සත්ව කොටස් මහමඟ හා ජනතාව වෙසෙන ස්ථානවල දමා තිබීමට වඩා මේ කෝවිලේ පිරිස යාපනය මහධිකරණය මඟින් සතුන් බිලිදීම තහනම් කොට තිබියදී මෙවැනි ක්‍රියාවක් සිදු කිරීමද නීති විරෝධී බවයි.

අධිකරණ නියෝගය නොතකා සතුන් බිල්ලට දීම හා මස් හා සත්ව ශරීර කොටස් මහමග තැනින් තැන දමා යාම යන සිද්ධීන් පිළිබඳව යාපනයේ කාරතීව් පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!