Gossip

සංගක්කාර යළි ශ්‍රී ලංකා පිලට එක්වෙයි?

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වත්මන් පසුබැසීම සැලකිල්ලට ගනිමින් කුමාර් සංගක්‌කාර මීළග තරඟාවලියේ සිට කණ්‌ඩායමට එක්‌ කිරීමට තේරීම් කමිටුව කටයුතු කරමින් සිටින බව ප්‍රධාන පුවත් පතක් වාර්තා කර තිබෙනවා.

2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ක්‍රිකට්‌ පිටියට සමුදුන් කුමාර් සංගක්‌කාර යළිත් චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින තරගාවලියේ සිට ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට නියමිත බවත් එහිදි වැඩිදුරටත් දැක්වෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධව කිසිදු සත්‍යතාවක් නොමැති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පසුගිය වසරේද අප්‍රේල් 1වනදාට යෙදී ඇති මෝඩයින්ගේ දිනයේ මෙවැනිම පුවත් කිහිපයක් පළවී තිබුණා. එම නිසා මේ ආරංචියද එවැනි පුවතක් වනු ඇති බවට බොහෝ දෙනෙකු විශ්වාසය පළ කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!