තරු හුට පට

සේයා ඝාතනයේ අභිරහස හෙළිවෙයි – ඩී.එන්.ඒත් ගැලපෙයි

2

3

මෙතුවක් කලක් අභිරහසක් වූ කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය අමානුෂික ලෙස දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ පවත්වන පොලිසීයට අද එම පරීක්ෂණවල යහපත් ප්‍රගතියක් ලබා ගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා.

ඒ මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ ඩී.එන්. ඒ පරීක්ෂණ වාර්තාවක් මගින් කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්තගේ සහෝදරයා වන සමන් ජයලත් නැමැත්තාගේ ඩී.එන්.ඒ හා සේයා දැරියගේ සිරුරෙන් ලබාගත් ජාන ගැලපෙන බව ජින්ටෙක් ආයතනය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදුන් වාර්තාවේ සඳහන් වීමෙන්.

ඒ අනූව සේයා දැරියගේ ජාන හා සමන් ජයලත්ගේ ජාන අතර ගැලපී‍මක් මෙම වාර්තාව මගින් අනාවරණය වී ඇති අතර එය මෙම අමානුෂික ඝාතනය සිදුකළ සැබෑ සැකකරු සොයාගැනීමට පොලීසියට විශාල සහනයක් වනවා.

මන්ද යත් ‍‍රටපුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම කතා පුවත නිසා ළමා අපචාරවලට සම්බන්ධ වූවන්ට මරණ දඬුවම ලබාදිය යුතුයි යන්න සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිරයාමට ද මෙම සිද්ධිය ඉවහල් වූ නිසයි.

කෙසේ හෝ මෙම ඝාතනයේ සුලමුල සොයායද්දී මුලදී ප්‍රධාන සැකකරු වුණ කොණ්ඩයාගේ ඩී.එන්.ඒ හා ‍සදෙව්මි දැරියගේ ඩී.එන්.ඒ නොගැලපීම නිසා පොලිස් පරීක්ෂණ කණපිට හැරිණ. එහෙත් මෙම නවතම පරීක්ෂණ වාර්තාව අනූව කොණ්ඩයාගේ අයියා එකී අපරාධයට සෘජුවම සම්බන්ධ දැයි සොයාගැනීමට ඩී.එන්.ඒ වාර්තාව ප්‍රබල සාක්ෂියක් වනු ඇත.

දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මුලදී අත්අඩංගුවට ගනු ලැබූ පාසල් සිසුවාත් එක්දරු පියාත් මේවන විට නිදහස්ව සිටී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!