Gossip

ඉස්සර බැන්නත් අපේ මිනිස්සු දැන් කෝලිට ආදරේ කරන්න පටන් අරන් – බුකිය පුරා කෝලිට සුභපැතුම්

 

ක්‍රිකට් දැන්නම් අපේ රටේ සමහරුන්ට පේන්න බැරි ක්‍රීඩාවක් වෙලා. මොකද මැච් 9ක් එකදිගට පරදිනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒ හින්දම ගොඩ දෙනෙක් දැන් අපේ රටට වඩා වෙන රටවල්වල ක්‍රිකට් ගැන ලොකුවට කතා කරනවා.

සමාජජාලයන්වල මේ සිද්ධවෙන කතාබහේදී ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියාවේ විරාත් කෝලි. ඔවුන්ගේ රටේ අය විතරක් නෙවෙයි අපේ රටේ සමහර අයත් දැන් කියන්නේ ”කෝලි වගේ බැටෙක් අපිටත් හිටියානම්” කියලා.

මොකද මේ වෙද්දි ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන්ම ඉන්න පිතිකරුවන් අතර අංක එකේ ක්‍රීඩකයා වෙලා තියෙන්නේ කෝලි කියලා තමයි විචාරකයින්ගේ මතය. ඔහු මේ වෙද්දි එක්දින ශතකයන් රැස්කරපු පිතිකරුවන් අතර 2වන ස්ථානයේ රැදී ඉන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක රිකී පොන්ටින් එක්ක ශතක 30ක් ලබාගෙන සමතැනක පසුවෙමින්. ඒ ශතක 30 ගන්න කෝලි වැයකරලා තියෙන්නේ තරඟ 194ක් විතරයි.

ඔහුට දැන් පහුකරන්න තියෙන්නේ සචින් ටෙන්ඩුල්කාර් විතරයි. ඒ වාර්තාවට කෝලිට ඕනි ශතක 20ක් විතරයි. මේ වාර්තාවත් නුදුරේදිම කෝලිගෙ වෙයි කියන තැන තමයි ක්‍රිකට් ලෝලීන් ඉන්නේ. ඔහු පෙන්වන හැකියාව නිසාම ඉස්සර කෝලිට බැන්න අපේම අය දැන් දැන් ඔහුට ආදරේ කරන්න පටන් අරන් වගේ කියලා සමාජජාලවල හුවමාරු වෙන පෝස්ට් වලින් ඉඟි පළ කරනවා.

මේ තමයි ඒ විදියට හුවමාරු වුණු පෝස්ට් එකතුව….

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!