Gossip

කොච්චිකඩේ දේවස්ථානයේ මියගිය අයගේ නාමලේඛනයට මරාගෙන මැරුණු බෝම්බකරුගේ නමත් ඇතුලත් කළාද? ඇත්තම කතාව මෙන්න

පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කොච්චිකඩේ දේවස්ථානය ප්‍රතිසංස්කරණය කර පසුගිය 12 වනදා යළි විවෘත කෙරුණා.

එමෙන්ම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ නාමලේඛනයක් සහිත පුවරුවක් දේවස්ථානයේ ප්‍රදර්ශනය කර ඇති බවට දක්නට ලැබුණා.

කෙසේවෙතත් දේවස්ථානයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුගේ නමද මෙම නාමලේඛනයට ඇතුලත් කර ඇති බවට සමාජජාල මාධ්‍යයන්වල ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරයන අයුරු අපට දක්නට ලැබුණා.

නමුත් මෙලෙස පැතිරෙන කටකතාව අසත්‍යයක් බව එම දේවස්ථානයේ දිලූෂ චාමර පියතුමන් පවසනවා.

මොහොමඩ් රිස්වාන් නමින් ඇති මෙම නම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය මුස්ලිම් ජාතික 15 හැවිරිදි දරුවකුගේ බවයි උන්වහන්සේ කියා සිටියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!